"කියපන් නෙවෙයි... ගේට් එක ඇරන් වරෙන් එලියට මට තව වැඩ තියෙනවා... නැත්තන් මම තව විනාඩියක් වගේ බලලා උඹේ රෝස මල අරන් ගෙදර යනවා.."
මට තේරුනේ නෑ.. ඌ කියපු මෙලවම මගුලක් මට තේරුනේ නෑ. ඒත්....... ඒත් හේශාන්ගේ කටින් පිටවුන ඒ වචන වලට උදේ ඉදන්, නෑ හරියටම දවස් 7ක ඉදන් මැරිලා තිබුන මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.
සමහරවිට මට ඒ වචන වලින් කියපු දේ තේරෙන්න ඇති. ඒත් මම බය උනා. ඒ වචන පිලි අරන් බලාපොරොත්තු තියාගෙන අවසානේ ආයෙම කඩාවැටෙන්න මම බය උනා. මොකද මට කඩා වැටෙන්න, බලාපොරොත්තු සුන් වෙන්න, දැකපු හීන ඇස් පනාපිටම බොඳ වෙලා යන්න මීටත් වඩා ඉඩක් මට නැති නිසා. වැටෙන්න පුලුවන් අවසානම අඩියට මම වැටිලා උන්නු නිසා.
ඒත් මම එදා දැනගෙන ඉන්න නැතුව ඇති. දෛවය මගේ ජීවිතේට සැලසුම් කරලා තියෙන ලොකුම කඩාවැටීම මේක නෙවෙයි කියලා....
"මොකක්...?"
"මොකද්ද කියලා බලාගන්න එලියට වරෙන්කෝ... අම්මපා හසරැලා මටත් උඹ එක්ක නගින්නෙ මේ වගේ වෙලා-"
නෑ.. මම තවත් එක තප්පරයක් වත් ඌ කියන දේවල් අහගෙන උන්නෙ නෑ. මෙච්චර වෙලාම මගේ තනියට ඉන්න ගමන් විකාර දාහක් කියවලා දැන් මගේ දිහා යකෙක් දිහා බලන්න වගේ බලාගෙන උන්නු සුදූගෙ ඔඩොක්කට අතේ තිබුන ෆෝන් එක විසි කරපු මම ඒ පරක්කුවටම එලියට දිව්වා.
හිතාගන්න බැරි තරම් වේගෙන් මගේ පපුව ගහෙනකොට වෙනදට දුවන තරන් වේගෙන් අද මගෙ කකුල් වලට දුවාගන්න බෑ හිතුනා. අඹ ගහ යට ඉදන් ගේට්ටුව ලඟට අඩි 50ක් වත් නැතත් මට දනුනේ මම ජීවිතේ දුවපු දිගම දුර ඒක වගේ හැගීමක්.
ඒත්............................ කොහොමහරි අවසානෙදි මම ගේට්ටුවෙන් එලියට ඇවිත් උන්නා.
මම බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක් ගේට්ටුවෙන් එලියෙ දකින්නද කියන එක ගැන මට අවංකවම හරි අදහසක් නැති උනත්, මගේ ඇස් ඉස්සරහම ආයෙත් මගේ බලාපොරොත්තු බිඳුනු වීදුරුවකටත් වඩා අන්ත විදියට බිඳිලා ගියා.
එක්කො ඇයි මම මාවම රවට්ටගන්නේ... මම දකින්න බලාපොරොත්තු උනේ එයාව. දවස් 7ක් තිස්සෙ මගේ ඇස් වලින් උන් වහන් කරන් ඉදපු මගේ පන ටික. දවස් 7ක් තිස්සේ උන් මට කටහඬ වත් අහන්න නොදීපු මගේ මැනික් ගල. කොටින්ම උන් මගෙන් දවස් 7ක් තිස්සෙම උඳුරගෙන උන්නු මගේ හුස්ම ටික. මම දකින්න බලාපොරොත්තු උනේ වෙන කිසි දෙයක් නෙවෙයි එයාව.
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....