•පනස් අටවන දිගහැරුම•

1.9K 361 262
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම විශ්වාස කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම විශ්වාස කරනවා.. ලස්සනම දවස් වලට එළිය වැටෙන්නේ මේ විදියට කියලා.. නෑ! මම අද ඉඳන් විශ්වාස කරන්න පටන් ගත්තා.. ලස්සනම දවස් වලට එළිය වැටෙන්නේ මේ විදියට කියලා...

විඳලා බලන්න.. එයාව ඔයාගෙ අත් අස්සේ හරි පරිස්සමෙන් තුරුලු කරන්, ඇස් ඇරලා මුලින්ම එයා දිහා බලන්න.. එයා තවත් නිදි නම්, කාටත් හොරාවට ඒ කම්මුල් හාදුවකින් සනසන්න... මුලු ලෝකෙට ඉරක් එළිය දුන්නට, ඔයාගෙ ලෝකෙට එළිය දෙන ඔයාටම විතරක් අයිති ඒ පුංචි ඉර දිහා ඇස් කෙවෙනකන් බලාගෙන ඉන්න... නින්දෙන්ම තවත් ඔයාගෙ පපුව අස්සටම රිංගන, ඔයාගෙ උණුහුම විතරක්ම හොයන ඒ ආදරණීයම හිත ඔයාගෙ උණුසුමින්ම මත් කරන්න.... අවසානෙ, බැරිම තැනක් උනොනිත්, ඔයා වෙනුවෙනුත් පුංචි හාදුවක් ඒ දෙතොලින් හොරකම් කරන්න!

මම කියන්නේ එක පාරක් හරි මේ දේවල් විදලා බලන්න...

මොකද ඒවා.... අස්සට රිංගලා විදින්න ඕන හැඟීම් මිසක්... පිටින් ඉඳන් බලලා සැනසෙන්න පුලුවන් හැඟීම් නෙවෙයි...

මම උන්නෙ එයා දිහා බලාගෙන.. එයා දිහා විතරක්ම බලාගෙන.. විනාඩි ගාන කීයද, නැත්තන් විනාඩි විනාඩි එකතු වෙලා පැය ගනන් ගෙවිලද.. ඒ මුකුත් මම දැනන් උන්නෙ නෑ.. මොකද මම තනිකරම උන්නෙ එයා ලඟ..!

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now