76🤍

1.5K 280 316
                                    

"ෆෝන් එක ආන්ස්වර් කරපිය බල්ලො"

දෙතුන් පාරක් අකේන්ට රිං කරන්න ට්‍රයි කරලා අන්තිමට මම ඌට මැසේජ් එකක් යැව්වේ පගයගෙ හත්මුතු පරම්පරාවම හිතින් මතක් කර කර. තාම වෙලාව යන්තන් උදේ 9 වුනා විතරයි. මම හොටෙල් එකට ආවෙම මේ දැන්.

මැසේජ් එක සෙන්ඩ් වෙනවත් එක්කම ආයෙම කෝල් එක ඩයල් කරපු මම ෆෝන් එකත් කනෙන් තියාගන්න ගමන් මගේ ඔෆිස් රූම් එකේ සම්පූර්ණ එක බිත්තියක්ම වෙන්න දාලා තිබ්බ ලොකු වීදුරුව ඉස්සරහා එහෙටත් ඇවිද්දා.. ආයෙම මෙහෙටත් ඇවිද්දා.

මේ වීදුරුවෙන් එහාට කෙලින්ම පේන්නේ ගඟ.. ගඟෙන් එහා ආයෙම රූස්ස කැලෑව. හොටෙල් එකේ මේ පැත්තම මායිම් උනේ මේ කැලෑවට. ගඟට මෙහායින් ගඩ්න් එක.. ඉස්සෙල්ලම හොටෙල් එකට ආව දවසෙ ඉදන් මම ආසම උනේ මේ පේන වීව් එකට. වීදුරුවෙන් එපිටට ඇස් නොයවා ටිකක් තදින් වීදුරුව දිහා බැලුවොත් පේන මගේම reflection එකෙන් මම දැක්කේ තනි කළු අත් දිග ශර්ට් එකේ අත් වැලමිට ලඟට නවාගෙන උඩම බට්න්ස් දෙකත් අන්බට්න් කරගෙන ඩෙනිම් පොකට් එකකට එක අතක් දාගෙන කලබලේ නිසාම තොලකුත් හපාගෙන වීදුරුව ඉස්සරහ එහෙ මෙහෙ ඇවිදින අඩිහයක් උස කොල්ලෙක්ව.

තමන්ටම තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන් රූපයක් ලැබෙන්නම කොච්චර පිං කරන්න ඕනි ඇතිද.. ඒ අතින් මම වාසනාවන්තයි. මට නොලැබුනෙ මොනවද..

මම පස්වෙනි කෝල් එකත් අකේන්ට ඩයල් කරන ගමන් ෆෝන් එක කනේ තියාගත්තේ මගේම ජීවිතේ ගැන දාහක් දේවල් හිත හිත. ඉස්සර වගේ නෙවෙයි. එන්න එන්නම මම දේවල් දිහා බලන විදිය වෙනස් වේගෙන එනවා මටම දැනෙනවා.. ඉස්සර හිටපු සෙල්ලක්කාර කොල්ලා මගේ ඇගෙන් මැකීගෙන යනවා.. සමහරවිට!

"මොකද බං.. උදේ පාන්දර හැමිනෙන්න හදන්නේ"

කොහොම හරි අන්තිමේ අකේන් කෝල් එක ආන්ස්වර් කරනවත් එක්කම එහා පැත්තෙන් මට ඇහුන කටහඬේ තාමත් තිබුනේ නිදිමත බේරෙන ගතියක්. මූ මහ පගයා ඒලෙවල් ඉවර වුන දවසෙ ඉදන් කරන්නේ ගෙදර ඉදන් නිදියන එක. තනි ලමයා නිසා ඌට ගෙදර සැප... අම්මා තාත්තා උනත් ඌව තාම හුරතල් කරනවා.. කලිඳු උනත් මූට වඩා බාල උනාට ඌත් කරන්නේ මූවම හුරතල් කරන එක නිසා මූ එන්න එන්නම නරක් වෙනවා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now