66🤍

1.9K 340 442
                                    

"හුඟාක් ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හුඟාක් ලස්සනයි... අහසටත් දරන්න බැරි තරමටම... මොකද, හඳත් නොදන්නවා උනාට... ඒ හඳ ලස්සනම, මේ හයිය අත් අතර හරි පරිස්සමෙන් පෑයුව දාට..!"

එයා හැරුනා.. ඒ ඇස් මගේ ජීවිතේට ආ දා ඉදන්ම හඳට ආදරේ කරන්න අරන් උන්නු මම කන් පෙත්තට දෙතොල් ලං කරන් ආදර වදන් මුමුණන්න ගත්තා විතරයි තදේටම ඒ බඳ වටේ එතිලා තිබුන මගේ අත් යන්තමින් වගේ ලිහිල් කරගත්තු මගේ හඳ ආපිට හැරුනා...

දැන් එයයි මමයි මූනට මූන.. එයාට මා දිහා බලන්න බෙල්ල උස්සන්න වෙනකොට මට මගෙ පොඩි කෝලම දිහා බලන්න මගේ ඇස් පහත් කරන්න සිද්ද උනා..

ඉතින් ඒ පරක්කුවටම ඒ අත් එතුනේ මගේ බෙල්ල වටේ.. මම කියලත් නිකන් උන්නද.. නෑ... ඒ වෙනකොටත් මගේ අත් ආයෙම අර ඉන දෙපැත්තට හරි තදේට තද වෙලා තිබුනා.. හැබැයි හරි පරිස්සමෙන්...

මම උත්සාහ කලේම ඒ ඇස් වල මේ මොහොතේ ඇදිලා තියෙන හැඟීම් කියවගන්න.. ඒ ආදරේද.. සමහරවිට... සමහරවිට ඒ ඇස්.... මම දන්නෙ නෑ... මොකද සමහරවිට ඒවා ඇතුලේ ලියවිලා තිබුනේ ආදරේ කලවම් උනු සෘංගාරේ...

කොහොම උනත් මේ කොල්ලා ලෑස්ති වෙන්නේ ඒ තරම් හොද දේකට නම් නෙවෙයි කියන්න මගේ හිත දැනටත් මට පෙර දැනුම් දීම් කරලා තිබුන නිසාම මම ඒ ඇස් අස්සටම එබීගෙන උන්නා....

ගෙවෙන තප්පරෙන් තප්පරේ ඒ ඇස් කියන්න හදන කතාව එක වචනයක් වත් මගනෑරි කියවගන්න මම නොසෑහෙන්නම උත්සාහ කලා.. මොකද ඒ ඇස් කිව්වේ අපේ කතාව... අපේ ආදරේ ගැන.. ඉතින් වචනයක් හරි මගහැරුනොත්, ඒකේ පාඩුවත් මට!

"මෙහෙම උනා වෙන්න බැරිද.. හඳ නොදන්නවා කියන එක, පණ්ඩිත අහස හිතාගෙන විතරක් ඉන්නවා නෙවෙයිද.. මොකද.... ඔය කියන විදියට හඳ නොදන්නවම නම්... ඇයි හඳ පෑයුවේ ඒ අහසට.. පෑයුවත් හඳට තිබුනනේ කඩාගෙන වැටෙන්න.. අඳුරු අමාවකට පහුවදා ආයෙම පායනවා වෙනුවට ඇයි හඳට බැරි උනේ සඳහටම අහසෙන් හැංගිලා යන්න... ඉතින් ඒ පණ්ඩිත අහස තාමත් හිතනවද... හඳ ලස්සනම ඒ අහසේ පෑයුව දාට කියන එක එයා නොදන්නවයි කියන්න... හැබැයි අහස නොදන්න තවත් දෙයක් අර ලස්සන හඳ දන්නවයි කියන්න සුදු අයියා දන්නවද.. හඳ ලස්සන විතරක් නෙවෙයි.... ඒ හඳ පරිස්සම්මත් අහස් තුරුලේ විතරයි කියන්න...!!!"

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now