•විසිතුන්වන දිගහැරුම•

2.2K 392 199
                                    

මං ප්‍රශ්නයක් ඇහුවා හැබැයි එයා නෙවෙයි මීක් කිව්වේ. මගේ කටින් ඒ විදියට පිට පැන්නේ මං කීයටවත් එයාගෙන් අහන්න නොහිතපු ප්‍රශ්නයක් උනත් හිතේ තිබුන තරහව කලවම් උන ඒ වචන ටිකක් සද්දෙට පිටවුනා. එයාගෙන් සද්දයක් නැති උනා.

මොකක්ද ඊයෙ ඒ ඇදන් හිටියේ කියල අහපු මටම සද්දයක් නැති ඒ ඇස් වල බැල්ම මොන වගේ වෙන්න ඇතිද කියල හිතෙනකොට මං හිතන්නේ මමත් රතු උනා.. මොකද මට මැවිලා පෙනුන ඒ බැල්ම මහ හොර බැල්මක් නිසා.

"සයුරු... මං ප්‍රශ්නයක් ඇහුවා...!"

නෑ.. ඔයාලා හිතුව නම් මගෙ සද්දෙ අඩු උනා කියලා.. වැරදියි. ඒක එහෙම උනේ නෑ.

"ම්ම්..."

හොරයි.. මං කිව්වේ. ඒ බැල්ම නෙවෙයි.. කටහඬ පවා හොරගෙඩියෙක් වෙලා තියෙනකොට ලයින් එකේ මෙහා පැත්තේ හිටපු මම ආයෙම දියවුනා.. උනත් මට සිද්ද වෙන විපර්යාසෙ ෆෝන් එකෙන් එයාට පේන්නෙ නැති එකට හිතින් දන්න දෙයියෙක්ට පින් දුන්න මම මගේ සද්දේ අඩු නොකරම හිටියා..

"ම්ම් නෙවෙයි.. උත්තර දෙන්න"

"ඉතින් ඩාන්සින් සර්නේ ඇදුම් ඩිසයින් කලේ අප්පා.. මට බනින්නේ නැතුව එයාට බයින්නකෝ"

"බයින්න නෙවෙයි අල්ලගෙන හම ගහන්න වටින්නේ...! දන්නවද කී දෙනෙක් ඔයා දිහා බැලුවද කියලා..?"

මට උත්තරයක් විදියට එයා කලේ ඩාන්සින් සර්ව කැත නැතුවම පාවා දිදී ආයෙම චරු චුරු ගාන එක වෙද්දි අද දවසේ කීවෙනි වතාවටද මන්දා මට මේ මෝඩ පැටියව අල්ලගෙන ගිලින්න හිතුනා..

ඊටත් මම තාම නින්දෙන් නැගිටලා ගෙවිලා තියෙන්නෙත් සෑහෙන්න අඩු මිනිත්තු ගානක් කියල මතක් වෙද්දි මගේ සිතුවිලි එයාට නෑහෙන එක ගැන, මගේ මූනේ ඉරියව් එයාට නොපෙනෙන එක ගැන මං ආයෙත් දවසේ කී වෙනි වතාවටද මන්දා සමස්ත දේව මණ්ඩලේටම හිතින් පින් දුන්නා.. උන්දැලාගේ බිරින්දෑවරුන්ටත් පින් දුන්නා.. අනියම් බිරින්දෑවරුන්ව නියම බිරුන්දෑවරුන්ට අතේ මාට්ටු වේවා කියල වැඩියෙනුත් එක්කම පින් දුන්නා..

ඉතින් දෙයියො උනත් බලයිද කියපන්කෝ මගේ දිහාව!

ඔය මොන මගුල මගේ හිත අස්සේ පෙරලි කලත් මගේ වචන පුරුදු සීතල ගතියෙන්ම කටින් පිට පනිනකොට මං ඊලඟට අහපු ප්‍රශ්නෙට එයා නිහඬ උනා.. උනත් නිහඬව ගෙවුන කාලේ හරිම පුන්චි උනා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now