•තිස් හයවන දිගහැරුම•

2.3K 437 395
                                    

අර කිව්වත් වගේ මං පහලට එනකොට අපේ අම්මා එක්ක කතා කර කර හිටියේ වෙන කවුරුත් නෙවෙයි උදුම්බරා අම්මා.. ඒ ලඟම මගේ කොල්ලත් ඉදගෙන ඉන්නකොට මම ගිහින් අපේ මැණිකෙගෙ කරේ එල්ලුනා.. මම පහලට එනකොටත් අම්මලා දෙන්නා හරි හරියට කතාව.. ගෑනුනේ ඉතින්!

උදුම්බරා අම්මා ආවේ මට ස්තූති කරලා යන්නලු.. මගේ සස්පෙන්ඩ් එක නිසා එයාට හිතට හරි මදිලු! ඉතින් ඒකලු ගෙදරටම ආවේ.. ඒ අස්සේ අපේ අම්මා මගේ ගුණ වයනවා.. එයාගේ සුදු මහත්තයා ගැන ආඩම්බරයිලු.. සයුරුගේ මූන අතගගා සීදේවි දරුවෙක්ලු.. කරදරයක් උනා නම් මොන දෙයියන්ට කියන්නද ලු.. ඔන්න ඔහොම කතා ගොඩක් කිය කිය ඒ දෙන්නා වෙනම කතා බහක් කරගෙන යනකොට ඒ දෙන්නට ටික වෙලාවකින් මේ රත්තරං වගේ ඉන්න පුත්තු දෙන්නව අමතක වුනා..

"එන්න නංගි කුස්සියට යන්.. තේ එකක් හදන ගමන්ම කතා කරමු."

ඒ ඉතින් අපේ අම්මගේ හැටි.. කෙනෙක් හිතට ඇල්ලුවොත් ආයෙ පිට කෙනෙකුට වගේ සැලකිලි නෑ.. කෙලින්ම ඕප දූප ටික කතා කරන්න කුස්සියටම එක්කගෙන යනවා.

මමත් ඉතින් හිටියේ මගේ හිකනල් පැටියව අල්ලගන්න වෙලාවක් බල බල වෙනකොට දෙන දෙයියෝ උඩ පැන පැන ගෙනත් දෙනවා කියන කියමන ස්ථ්‍රීර කරගෙනම අම්මා උදුම්බරා අම්මට කුස්සියට අඩගැහුවා විතරයි,

"අනේ හා අක්කේ.. යන්.."

උදුම්බරා අම්මත් එක පයින් කැමති වුනා.. ඉතින්,

"අම්මා... එහෙනම් තේ හදලා කතා කරන්න අපි උඩට යනවා.."

කියාගෙනම සයුරුගේ අතින් අල්ලගත්ත මම ඒ පිම්මටම කොල්ලව ඇදගෙන උඩට ආවා...

"කොහෙද යන්නේ...!"

ඉතින් පඩිපෙලේ මගක් යනකොට කොල්ලට ප්‍රශ්නයක්!

ලඟ පාත කවුරුත් නෑ කියලා සැක හැර දැනගන්න ඇස් දෙක ටිකක් වටේට අරන් ගිය මම මට වඩා පහල පඩියක ඉන්න සයුරුගේ පැත්තට හැරුනේ කටකොනේ හිනාවක් තියාගෙන.

"බලහත්කාරකමක් කරන්න..!"

කොල්ලගේ මූනටත් ටිකක් බර වෙන ගමන් මගේ කටින් පිටවුන වචන වලට බලාගෙන ඉන්නකොට කොල්ලගේ ඇස් දෙක ලොකු වෙලා ගියා. උනත් ඊලඟට සයුරුගේ කටින් පිටවුන වචන වලට ඇස් දෙක ලොකු උනේ මගේ..

වස්සාන හාදු || The Rainy KissesTempat cerita menjadi hidup. Temukan sekarang