මාස 8ක්!
ඇත්තටම මාස 8ක් කියන්නෙ ලොකු කාලයක්.
මට හරියටම දැනෙන්නේ, එදා මගේ බර්ත්ඩේ පාටි එකෙන් මාස 8කට පස්සේ මම නින්දෙන් නැගිට්ටා වගේ හැඟීමක්.
සමහරවිට ඒ මෙච්චර කාලෙකට පස්සේ මම සැහැලුවෙන් නින්දෙන් නැගිට්ට පලවෙනි දවස අද නිසා වෙන්න ඇති!ඔයාලා හිතුවා හරි. ඊයේ මට එක්සෑම් ඉවර උනා. අවුරුදු දෙකහමාරක් තිස්සේ නැහිලා නැහිලා ඔලුවට දාගත්තු දේවල් සේරම දවස් 8කින් ආපිට අකුරු කරලා ඇවිත් මම ඇත්තටම සැනසීමෙන් ඇහැ පියවගත්තේ ඊයේ රෑ.
ගෙවුනු මාස 8 ගැන පුලුවන් තරම් කතා නොකර ඉන්න තරමට මම කැමතියි. නින්දක් නැති රැයවල්, අතපසු වුනු කෑම වේල්, අම්මා බලෙන්ම කටට ඔබලා ගිය බත් කටවල් ගනන් කරන්න බැරුව ඇති. එක්සෑම් කිට්ටු වෙන්න වෙන්න ඔලුවට දැනෙන ප්‍රෙශර් එකත් එක්ක මම ඉස්සරටත් වඩා කේන්ති අරගත්තා. සේරම එපා වෙලා පොත් ටික දමලා ගහලා නිදාගත්ත වෙලාවල් ඕනි තරම් තිබුනා.
ඒත් හොදම දේ,
ඒ හැමදවසකම මට හයියක් වෙන්න මගෙ කොල්ලා මගේ ලඟ හිටියා. මම දන්නවා සයුරු පුදුම තරම් ඉවසුවා. දවසට මට එයාට ගන්න පුලුවන් එක කෝල් එකද, කොල්ලා ඒ එක විනාඩි 5ට මට පුලුවන් උපරිම ආදරේ දුන්නා.ඉතින් අවසානේ,
උගන්නපු ගුරුවරුන්ගේ, ගෙදර මිනිස්සුන්ගේ, සයුරුගේ, අකේන්ගේ මෙකීනොකී හැමෝගෙම සපෝට් එක වගේම ආදරේ එක්ක 2023 අගෝස්තු මාසේ 25වෙනිදා වෙනකොට මම මගේ කර උඩ තිබුන ලොකූ බරක් බිමින් තියලා තිබුනා.කාලෙකට පස්සේ ටිකක් දවල් වෙලා, ඒ කියන්නේ උදේ 9ට විතර නින්දෙන් නැගිට්ට මම එහෙමම කොට්ටේ යට තිබුන ෆෝන් එක අතට අරන් ඩේටා ඔන් කරලා ගිහින් කාමරෙන් බැල්කනි එකට යන්න තිබුන උස ජනේලේ ඇරියා. ජනේලේ ඇරියත් එක්කම වෙල පැත්තෙන් එන අගෝස්තුවේ වියළි හුලඟ මගේ නිරුවත් උඩු කයේ වැදිගෙන යන්න යනකොට ඇස් දෙක පියාගත්තු මම හොද හුස්මක් අරන් මගේ පපුව පුරවගත්තා. හිතට දැනෙන අමුතු සැහැල්ලුව විස්තර කරන්න මගේ ලඟ වචන නෑ. ඒ තරම් ඔලුවට නිදහසක් දැනුනා.
විනාඩි දෙක තුනක් ජනේලෙන් එලිය බලාගෙන උන්න මම ආපිට හැරුනේ මගේ කොල්ලට කෝල් එකක් ගන්න හිතාගෙන උනත්, ඇද ලඟට ආව මම ෆොන් එකට අතට ගන්නවත් එක්කම කාමරේ දොර ඇරුනා.
![](https://img.wattpad.com/cover/345814464-288-k558612.jpg)
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....