•සයවන දිගහැරුම•

2.3K 396 187
                                    

"නවත්තනවා සුදූ ඔය මලවිකාර"

ආයෙමත් සයුරු...

සයුරු සයුරු සයුරු....

දැකලා පැය 48ක් ගෙවෙන්නත් කලින් මේ සයුරු කියන අකුරු තුන මගේ ඔලුව පුරාම හොල්මන් කරන්න අරගෙන.

ඒ මදිවට මගේ වටේ ඉන්න උනුත් ඒ නමම මතුරන්න අරගෙන!

සුදූගෙ විකාර කියවිල්ලට හේතුවක් නැතුවම මගේ මාරයා ආවේස වේගෙන ආවා. හසරැල් කියන්නේ එහෙම ලේසියට කේන්ති ගන්න මනුස්සයෙක් නොවෙන කොට මේ සයුරු කියන අකුරු 3 මාව කනපිට හරවලා තනිකරම විකාරයක් කරවලා තිබුනා. ඒකත් දැකලාම ගෙවුන මුල්ම දවසෙන්..

"විකාර නෙවෙයි අයියා... ඒ ලමයා අනිවාර්යයෙන් තමුසෙට කැමතියි. මං දැක්කනේ අද බලාගෙන හිටපු හැටි.. තමුසෙත් බැලුවෙ ඇයි දෙතුන් පාරක්ම"

"ඔව් ඔව් බැලුවා.. ඇයි.."

"අ..අයියා"

මගෙ හඩ ටිකක් නෙවෙයි.. ගොඩක් උස් පාරට ඒකි බය උනා..

"මනුස්සයෙක් දිහා බැලුව පලියට හැමඑකාම බලන බලන එකාට ලව්ද.. අනේ නංගි මගෙන් මුකුත් නාහා ගිහින් පාඩම් කරපන්.. ඕලෙවල් ලියලත් නෑ තාම මගුල් විසේ ගහලා ඔලුවට. දහජරාව බලලා ඔලුව විකාර කරගෙන.. බලලා අහුවෙයන් බලන්න මට ආයෙ ඔය එක ලබ්බක්.."

මං කෑහහන වචනයක් ගානට සුදූගෙ ඇස් වල කඳුලු පිරුනා. ඒවා දිලිසෙන්න අරන් අරන් අන්තිමට ඇහි පිහාට්ට්ට ඒ කඳුලු බර වැඩිවුන තැන කඳුලු බිංදු පේලියක් සුදු කම්මුල් පහලට කඩාගෙන වැටෙද්දිත් කෑගහපුවට මං පසුතැවෙන්න පටන් අරන් තිබුනත්, කියපු වචන ආපහු ගන්නද ??

ඇඩුනට මොකද ඒකි හිතුවක්කාරි.. වැටුන කඳුලු ටික අත් දෙකෙන්ම පිහදාගන්න ගමන් සෙටියෙන් නැගිට්ට සුදූ මට රැව්ව රැවිල්ලට මාව තව පොඩ්ඩෙන් උණු කරපු බටර් වගේ වෙනවා..

දැන් ඔය කට හද හද අනිවාර්යයෙන් ලෑස්‍ති වෙන්නෙ මගේ පලු අරින්න තමා..

"තමුසේ..... තමුසේ ඇට නැති හිකනලා.. වල් මීහරකා... හැකරැල්ලා.. වට පනුවා.. තමුසෙට හොදක් කරන්න ගියාම මට බැන්නනේ.. මං අප්පච්චිට කියනවා තමුසෙ අනතඃපුරයක් දාගෙන අර තනිකඩ ලමයි තුන දැනටම හදලා ඉවරයි කියලා"

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now