"සුදු මහත්තයා... මම එන්නද ඇතුලට..?"
ගස් අස්සෙන් ඉහල නගින මීදුම අතරින් ඉමක් කොනක් පේන්නෙ නැති ඈතක් දිහා ඔහේ බලාගෙන වෙච්චි කෙරිච්චි දේවල් ගැන ආයෙ ආයෙ කල්පනා කරන ගමන් උන්නු මම පියවි සිහියට ආවේ දොර රෙද්දෙන් එපිට ඉදන් හීනියට ඇහුන කටහඬට..
සේතං සීයා.. අම්මගේ තාත්තා අම්මා නැති වුනායින් පස්සේ මේ ගෙවල් දොරවල් පාලුවට යන්න නොදී තමන්ගේ වගේම බලා කියාගෙන ඉන්න අහිංසක මනුස්සයෙක්.. අප්පච්චිට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් ඇති ඕනිනම්.. ඒත් පුරුද්දට සීයා කියනවා.. කොහොමත් ඒ මිනිස්සු වයසට වඩා වයසට ගිහින්.. තරුණ කාලෙ ඉදන්ම වේල රැකගන්න දුක් විදල මදිවට සේතං සීයාගෙ පවුලටත් මොකක් හරි ලොකු කරදරයක් වෙලා අසරණ වෙලා ඉද්දිලු සීයාට හම්බෙලා මෙහෙ එක්කන් ඇවිත් තියෙන්නේ.. එදා ඉදන් සේතං සීයා අපේ සීයාගෙ ඉදන් මුලු පවුලටම සලකන්නේ දෙයියන්ට වගේ.. අනික සේතං කිව්වට ඒ මනුස්සයට වෙන නමකුත් තියෙනවද කොහෙද..
"එන්න සීයේ.."
ජනෙල් කවුලුව ගාවින් ටිකක් මෙහාට වෙන ගමන් සීයාට උත්තර දුන්නු මම ඇදේ ඉන්න සයුරු දිහාවත් එකපාරක් බලලා සේතං සීයා දොර රෙද්ද මෑත් කරන් එක පියනක් විතරක් වහලා තිබුන දොරෙන් ඇතුලට එනකන් බලාගෙන හිටියා..
"සුබ උදෑසනක් සුදු මහත්තයා.."
වීදුරු ට්‍රේ එකක් උඩ දිලිසි දිලිසි තියලා තිබුන කිරි වීදුරු දෙකක් අතින් අරගෙන හිමීට වගේම පරිස්සමෙන් කාමරේ ඇතුලෙන් ආව සීයා මට දුන්න හිනාවේ තිබුනේ හරි යටහත් පහත් පෙනුමක්...
කිසිම වියදමක් නැතුවම ලේසියෙන්ම තව කෙනෙකුට දෙන්න පුලුවන් දේ හිනාව විතරයි කියලා අප්පච්චි පුන්චි කාලෙම කියලා දීලා තිබුන නිසා මමත් සේතං සීයාට ආපිට හිනාවක් දුන්නා...
"සුබ උදෑසනක් සීයේ..."
"සුදු මහත්තයා ඇහැරලා ඇති කියලා හිතලා මම මේ තකහනියක් තේ වක්කරා.."
"ඔහෙන් තියලා සීයා යන්න.."
"එහෙමයි සුදු මහත්තයා.."
සෑහෙන තරමට ලොකු නිදන කාමරේ පැත්තක තිබුන ලී මේසෙ ඇස් වලින් පෙන්නන ගමන් මම එහෙම කියනකොට සේතං සීයා ආයෙත් යටහත් පහත්ව ඔලුව වැනුවා... වනලා ගිහින් ට්‍රේ එක මේසෙ උඩින් පරිස්සමෙන් තිබ්බා.
![](https://img.wattpad.com/cover/345814464-288-k558612.jpg)
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....