•දහනවවන දිගහැරුම•

2K 404 230
                                    

"අම්මේ..................."

මං කෑගැහුවා.. විනාඩි ගානක ඉදන් එක දිගටම රින් වෙන ෆෝන් එක ආයෙම අඩන්න ගන්නකොට මෙච්චර වෙලාම කොට්ටෙට ඔලුව තියන් උන්න මං ඔලුවට යට තිබුන කොට්ටේ අරන් ඔලුව වහගත්තා.. වහගෙන අම්මට කෑගැහුවා..

"අම්මේ.............. අනේ එන්නකො අප්පා"

"එනවා එනවා ලමයෝ.. මොකද සුදු මහත්තයා බෙරිහන් තියන්නේ"

මගේ කෑගැහිල්ල ඉවසන්න බැරි තැනද කොහෙද උඩට ආව අම්මා ඇයි බෙරිහන් තියන්නේ අහනකොටවත් ඇස් ඇරියෙ නැති මම ඉන්න විදියෙන්ම ඉදන් අම්මට උත්තර බැන්දා..

"අනේ ඔන්න ඔය මගුලට කතා කරලා බලන්න අම්මේ. එලි උන වෙලේ ඉදන් මැරෙන්ඩ හදනවා"

නින්ද කැඩුනට කේන්ති ගිහින් උන්න මං එහෙම කියද්දි,

"ඈ සුදු මහත්තයා.. උඹ මාව මෙච්චර බෙරිහන් තියලා උඩට ගෙන්නුවේ උඹේ ළමාතැනීට (ෆෝන් එක) ආන්සර් කරන්න ද"

"ළමාතැනී උනත් වැඩිපුර කියවනවා නම් වදයක්නේ මැනිකේ.. අනේ දැන් ආව එකේ ඕකට කතා කරන්න කෝ.. කවුරු උනත් කියන්න මං ගෙදර නෑ කියලා.. ඇයි වදේ"

"ඔව් ඔව් උඹටත් හොදයි මේ අම්මාම හින්දා"

එතනටත් ආඩපාලියක් කිව්ව අම්මා මෙච්චර වෙලා මගේ ඇගට යට වෙලා අඩ අඩ හිටිය මගේ ළමාතැනීව හොයාගන්න මාවත් එහාට තල්ලු කරන ගමන් ඒක අරන් කනේ තියාගත්තා.. මං නෙවෙයි ඒත් ඇස් ඇරියේ.. දවස් ගානක් තිස්සේ වතුරත් එක්කම ඔට්ටු වෙලා හිටිය මගේ ඇග නිකන් තලලා දාලා වගේ වේදනා දෙනකොට ඊයෙ රෑ අම්මා උණුවතුරෙන් අත් කකුල් තවපු නිසාම වේදනාව ටිකක් අඩු වෙලා තිබුනත් ඇගට දැනුන තෙහෙට්ටුව මාව ඇදටම අලවලා දාලා තිබුනා.

"හෙලෝ... අකේන් පුතා"

ඒව් ඒව් මේ බේසමාද මේ වැලලෙන්න හදලා තියෙන්නේ.. දන්නවා නම් ෆෝන් එක ඕෆ්ම කරලා දාලා නිකන් ඉන්නවා..

"නෑ නෑ මේ ඉන්නවා පුතේ.. මේ ඉන්නේ කකුල් හතර හතර අතේ විසික් කරගෙන ඇද උඩ දපනෙ දාගෙන.."

අම්මා අරූ එක්ක කතා කරනවා.. මං අහගෙන හිටියා. ඇයි යකෝ එච්චර කැතද මං නිදාගෙන ඉන්න විදිය.. අනේ මට මොකද. ඇද මගේ මං ඇදේ.. ඇයි රෙද්ද.

වස්සාන හාදු || The Rainy KissesTahanan ng mga kuwento. Tumuklas ngayon