"ඒ මේවගේ යන්න බෑ බං.. මේකක ගියොත් එහෙම බොරැල්ලෙන් බහිද්දි කෑලි ටික එකතු කරගෙන තමා බහින්න වෙන්නේ"
මගෙ කිකිළි. අකේනයා. උදේ ඉදන් කරන්නේ ලඟට වෙලා කෙකරගාන එක. මූට කොහොමත් ඉස්කෝලෙට යන්න තදියම. ඩියුටි කරන්න එපෑ. මට නම් ඉතින් ගේට්ටුව වහන්න කලින් ඉස්කෝලෙට පැනගත්තා නම් ඇති.
"පොඩ්ඩක් හිටපන් මිනිහෝ ගිනිපුග්ගාය නැතුව. තව බස් දෙකක් තුනක් ගියාම මේ සෙනඟ එහෙ මෙහෙ වෙයි"
අකේනයා කෙකරගගා කිව්ව කතාවෙ වැරැද්දකුත් නෑ. හෝල්ට් එකට ආව වෙලාවෙ ඉදන් හැත්තැහය බස් හතරක් ගියා, සේරම පොල් පටවලා වගේ. වහලෙයි ඩ්‍රයිවර් අන්කල්ගෙ ඔඩොක්කුවයි විතරයි හිස්.
"උඹට ඉතින් මොකද.. ඉස්කෝලෙට ගියා, කැන්ටිමෙන් මොනාහරි ගිලලා දාලා පන්තියට යන්න විතරයි නෙ උඹට තියෙන්නෙ.. මට එහෙමද"
"උඹ ඉල්ලන් කාපුවට මං මැරෙන්නයෑ.. උඹට ඉරිසියයි නේහ් මං කාලා බීලා ජොලියෙ ඉන්න එකට"
"අනේ paක තමා"
අනේකයා ඕකා මහා අසමජ්ජාතියා. දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන මූ කුණුහරුප හලනවා කටේ ගෑවෙන්නෙ නැතුව.. මූසලයා. මුගෙන් ඈත් වෙන්නෝනි. ආස්‍රය කරන්න හොද නෑ. උඹවත් නරක් වෙයි හසරැල්!!
ඒ අස්සේ කලිඳු මල්ලියි උගේ අර ඔලුව ලොකු කොට යාලුවයිත් ඉන්නවා අපිට ටිකක් එහායින්. එහායින් කිව්වට එහායින්මත් නෙවෙයි. එවුනාට ලඟත් නෙවෙයි. උන් දෙන්නා මොනවද මුමුණ මුමුණ හිනාවෙනවා ගුලි කාලා වගේ.
අනේ කැටයම්. අරූටත් පොඩ්ඩක් හිනාවෙන්න බැරි මාත් එක්ක තමා. ඇයි හිනාවුනොත් මං ගිලිනවද ? බම්බුව. සැරින් සැරේ ඒ ඇස් මගෙ පැත්තට හැරෙනවා කියල මට නෝතේරුනා නෙවෙයි. කොහොමත් ඉතින් මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් දැක්කම ඕනි කෙනෙක්ට බලන්න හිතෙනවා කියල මං දන්නවා.
ගැම්මක් තමා හසරැල්!!
එවුනාට මං බලපු ගමන් ඌ නෙවෙයි බැලුවෙ වගේ අහක බලනවා.. මට ඉතින් දිරවන්නෙ නැත්තෙ ඔය රෙද්දෙ ලයින් තමා. අනේ ඕනි ප- එකක්. එකෙක්ට කුණුහරප කියනවා කියල බැනලා තෝ මොකක්ද බල්ලෝ ඒ කියන්න ගියේ. උඹේ තමා ඔක්කොටම වඩා කැටයම් තියෙන්නේ.
![](https://img.wattpad.com/cover/345814464-288-k558612.jpg)
ESTÁS LEYENDO
වස්සාන හාදු || The Rainy Kisses
Fanficමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....