75🤍

2.5K 335 273
                                    

මම නින්දෙන් ඇහැරෙනකොටත් ඇදේ අනිත් පැත්ත හිස් කියලා මට දැනුනේ මම ඇස් අරින්නත් කලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම නින්දෙන් ඇහැරෙනකොටත් ඇදේ අනිත් පැත්ත හිස් කියලා මට දැනුනේ මම ඇස් අරින්නත් කලින්.. නින්දෙන්ම වගේ දැනුණු හීතලට බෙඩ්ශීට් එක තවත් ටිකක් බෙල්ල ලඟට ඇඳගෙන මම හැදුවේ එයාවත් ඇදලා අරන් තුරුල් කරගෙන ආයෙම නිදාගන්න උනත්, රස්නෙ එයාව වෙනුවට මට අහුවුනේ සීතල කොට්ටයක්.. ඉතින් නින්ද එතනින් අහවරයි. ඇහැරෙනකොට මගෙ පොඩි ඇට්ටරයා ළඟ නැති හේතුවට උදේම හිත නරක් කරගත්තු මම තාමත් ඇස් අරින්න දැනුන කම්මැලි කම නිසාම අතට අහුවුන කොට්ටෙන් එහා මෙට්ටෙ උඩ අත ගෙනිච්චත්, මෙට්ටෙත් සීතලයි.. එයාගෙ රස්නෙ මැකිලා ගිහින්.. ඒ කියන්නේ සයුරු ඇදෙන් නැගිටලා මේ වෙද්දිත් සෑහෙන වෙලාවක් වෙන්න ඇති..

මම ඇස් දෙක ඇරියෙම හිතේ නෝක්කාඩුවෙන්.. ඒත් ඇස් ඇරපු තප්පරේම ඇස් වලට අහුවුන රූපේ... හිත නිව්ව තරමට මොනාටත් කලින් මගේ තොල් අතර ඇදුනේ හිනාවක්.. ඒත් එක්කම වගේ මම ඇහැරුනු බවක් එයාට නොදැනෙන්න හිමින් සැරේ කොට්ටෙ යටට අත යැව්ව මම ෆෝන් එක එලියට අරන් වෙලාව බැලුවා..

තාමත් උදේ 7යි.. මගෙ කොල්ලා දැනටම පොත් මේසෙ.. ඇදට පිටුපාන විදියට පුටුව තියන් ඉන්න මගෙ පුන්චි ඇට්ටරයා පාඩම් කරන දිහා මම නිහඬවම බලාගෙන උන්නු වෙලාව සමහරවිට විනාඩි 5කට 10කට අඩු නැතිවැති..

ඒත් එයා නෙවෙයි නිකමටවත් පොතෙන් ඔලුව ඉස්සුවේ.. ආපිට හැරිලා මගෙ දිහා බැලුවේ.. කොල්ලා බරටම වැඩ!

ඉතින් කරදර කරන්න හිත අකමැති උනත් සමහරවිට මේ වෙද්දිත් පැය ගානක්ම එකම විදියට සයුරු ඔතන ඉදගෙන පාඩම් කරනවා ඇති කියලා මට හිතෙනකොට තවත් බලාගෙන ඉන්න බැරි උන මම කිසිම සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැස්සා..

හිමින් හිමින් අඩිය තියන ගමන් එයාට නොතේරෙන්නම කොල්ලට කිට්ටු උන මම එහෙමම ඒ බෙල්ල වටේ අත් යවන ගමන් ටිකක් නැවිලා කොල්ලව පිටිපස්සෙන් තුරුල් කරගත්තා විතරයි පුටු ඇන්දට උඩින් සයුරු මගේ පපුවට ඔලුව තිබ්බා.. ඊළඟට මුකුත්ම නොකියම බෙල්ල චුට්ටක් දෙපැත්තට කරන ගමන් උරහිස් වලත් හිරි ඇරැගත්ත සයුරු එහෙමම ඇස් උස්සලා මගේ දිහාව බැලුවේ ඒ ඇස් පවා හිනාවකින් පුරවගෙන..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now