•දහඅටවන දිගහැරුම•

1.9K 409 172
                                    

මං බලාගෙන හිටියා. ඒ ඇස් දෙක දිලිසෙන කොට වෙන කොහෙවත් බලන්න තරම් සිහියක් නැති වුන මම ඇහිපිල්ලමක් වත් නොගහම ඒ ඇස් දිහා බලාගෙන හිටියා වගේම ඒ වෙද්දි තරඟේ ඉවර වෙලා තිබුනා.. දිනපු කෙනාගෙ නම ඉස්කෝලෙ එක්කම අනවුන්ස් කරනවා මගේ කන් වලටත් ඇහුනත් ඒ කිසි දෙයක් ඔලුවට ගියෙ නැති මගෙ සම්පූර්ණ කල්පනාවම තිබුනේ එයා ලඟ වෙනකොට මං බලාගෙන හිටියා.

ඒ ටිකකින් මගේ බැල්ම දරාගෙන ඉන්න බැරි උන එයා අහක බලාගත්තා.. අඩන්න හදන ඇස් වල වතුර පිහදන මුවාවෙන් ඇස් දෙකට උනපු කඳුලු පිහදුවා..

"ඒ හසැරැලා.. මචන් උස්සපන් කකුල.."

මගේ කල්පනාව හරි සිහියට ගෙනාවේ මෙඩික් යුනිට් එක බාරව උන්නු අයේශ්ගේ කටහඩ. කොහෙන්දෝ ගෙනාව බැන්ඩේජ් රෝලක් අතේ තියාගෙන උන්නු අයේශ් මට කකුල උස්සන්න කියන ගමන් ඒකාම මගෙ බිම දිගා වෙලා තිබුන කකුල උස්සලා යටි පතුල පොලොවට ගහනකොට මට ආයෙම කෙඳිරිගෑවුනා.

"ආහ්හ්හ්...."

රිදුනෙ මට.. කෙඳිරිගෑවුනේ මට උනත් මට වඩා එයාට රිදිලා තිබුනා.. මගේ කටින් යාන්තමට පිටවුන කෙඳිරිල්ලත් එක්ක මෙච්චර වෙලාම මගෙ උරහිස් වලින් අල්ලන් මගෙ ඔලුව ඒ උකුලෙන් තියන් හිටපු එයාගෙ අත් මගේ උරහිස් වලට තද වෙද්දි මට ඒක දැනුනා. එයාට රිදුනා.

"බලපන් ඉතින් උබත් කරගන්න වැඩ.. කෝ නැගිටපන්... අයේශයා මෙන්න මූව අල්ලපන්!"

අකේන්. මොන වගේ වාතාවරණයක් උඩ උනත් කැත නැතුව කඩප්පුලි කතාවක් කියන්න පුලුවන් කටක් තිබුනු මගේ අතිජාත පජාත මිත්‍රයා එතනත් මට බැන්නා.. බැන බැනම මගේ කකුල බැන්ඩේජ් කරලා ඉවර උන අයේශ්ගෙනුත් උදව් අරන් මාව හිට්ටවද්දි ඇත්තටම තනියම හිටගත්තා නම් ඇදගෙන වැටෙන තරමට මගෙ කකුලට වාරු නැති උනා..

"ඉතින් බං මං හිතලා පෙරලගත්තද.. රෙද්ද!"

"යැයි යැයි තමා මෙහෙ වරෙන් යන්න"

අකේන් මාව එක්කන් යන්න හැදුවා.. මාව උකුලේ තියන් බිම ඉදගෙන හිටිය එයා මාත් එක්කම නැගිට්ටත් ඒ මූන බලන්න පුලුවන් කමක් මට නැති උනා.. ඒ නිසාම එයා දිහා නොබලම මං එන්න ආවත් කෝච් සර් ඇවිදින් මාව නවත්තගත්තා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now