•පනස් තුන්වන දිගහැරුම•

2.1K 353 255
                                    

ඇද උඩ පරිස්සමෙන් නවලා තියෙන මගේ ඇදුම් ගොඩ දිහා වගේම ඇද පාමුල බිම තියලා තියෙන ලගේජ් එක දිහා එක පාරක් බලපු මම, මගේ කාමරේ ඇරලා දාලා තිබුන ජනේලෙට එපිටින් පේන කලුවර අහස දිහාවට මගේ ඇස් අ‍රන් ගියා. 

තවදුරටත් මට, මම ජීවත් වෙනවා කියන හැඟීම දැනුනේ නෑ. මට දැනුනෙ මම මැරිලා ගිය මල කඳක් වගේ හැඟීමක්. අඩලා අඩලම හෙම්බත් වෙලා තවත් අඩන්න වත් ඇස් වල කඳුලු නැති උන මම හුස්ම ගන්න ඕනිවට හුස්ම ගත්තා. ඒකත් මගේ අහිංසක සුදු අයියා වෙනුවෙන්. මගේ අසරණ අම්මා වෙනුවෙන් විතරක්ම වෙනකොට මම සම්පූර්ණයෙන්ම මේ වෙද්දි තාත්තගේ උවමනා එපා කම් වෙනුවෙන් එයාගේ අතේ නැටවෙන රූකඩයක් වෙලා උන්නා.

ඊයෙ පෝය හඳ අදත් ඒ විදියටම ලස්සනට රවුමට අහසේ දිලිසෙන්න ඕනි උනත්, අගෝස්තුවට වෙනදා නොවැහැපු වැස්සක් වහින්න වගේ අද මුලු අහසම වැහි වලාකුලකින් වැහිලා ගිහින් තිබුනා. ඉතින් අඳුරුයි. හරියට මගේ ජීවිතේ වගේම. මීට දවස් හය හතකට උඩදි ලෝකෙම මගේ කරගන්න තරම් ලොකු හීන දැකපු මගේ ජීවිතේ අද වෙනකොට මම වෙනුවෙන් නැහෙන ඒ අහිංසක හිත් දෙක වෙනුවෙන් මැරි මැරි හරි ජීවත් වෙන්න තිබුන බලාපොරොත්තුව ඇර වෙන කිසිම ආසාවක් හෝ බලාපොරොත්තුවක් නැති උනා.

තාත්තා අද උදේ ගිහින් මාව ඉස්කෝලෙන් අස් කරගෙන ඇවිත් තිබුනා. අඩු තරමේ මගේ අත්සනක් වත් නැතුව ඒක කලේ කොහොමද කියලා මම දැනන් හිටියේ නැති උනත් මට ආයෙම මතක් උනා.. එයාට සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ කියන එක.

ඉතින් මම ලෑස්ති වෙන්නේ හෙට පාන්දරම තාත්තා එක්ක ඉතාලි යන්න.. ගිහින් එයාට ඕනි විදියටම එයා කියන දෙයක් කරන්න.

මොකද එයා පාවිච්චි කලේ චෙස් බෝඩ් එකේ ඉන්න හරිම ඉත්තව.. කින්ග්ගේ ජීවිතේ වෙනුවෙන් දෙපාරක් නොහිතා ක්වීන් බිලිවෙනවා කියන එක සමහරවිට මගේ තාත්තා පවා දැනගෙන ඉන්න ඇති.

මම තවමත් හඳ වහගෙන කලු වලාකුළු පිරුන අදුරු අහස දිහා බලාගෙන ඔහේ හිටියා.. ඈතින් ඇහුන අඩි හඬ අම්මගේ කියලා මම අදුරගන්න හේතුව උනේ තාත්තගේ අඩි තරම් ඒවා බර නොවුනු හේතුව නිසා උනත් මේ දැන් තාත්තා ගෙදර නෑ කියන එකත් මම හොදටම දැනගෙන හිටියා..

වස්සාන හාදු || The Rainy KissesWo Geschichten leben. Entdecke jetzt