•හතලිස් එක්වන දිගහැරුම•

2K 360 265
                                    

ටීක් ටීක්......

වෙලාව රෑ 10ටත් ලං කරලා.

ක්‍රිස්මස් පාර්ටි එකකට ඩෙකරේට් කරලා තිබුන හොටෙල් ෆ්ලෝර් එක රතු, සුදු, නිල් වගේ ලයිට්ස් වලින් එලිය වුනා..

මේ අතරේ අයිනක තිබුන ටේබල් එකක තනියම ඉදගෙන සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හිමින් සැරේ තොල ගාන ගමන් තමන්ගේ ෆෝන් ගැලරි එකේ තිබුන ඇල්ලේ මතක සටහන් අස්සේ අතරමං වෙලා උන්නු සයුරුගේ මූනේ ඒ ෆෝන් එකට ආව නොටිෆිකේශන් එකක හඬින් පුන්චි හිනාවක් මතු වෙනකොට ගැලරි එකෙන් අයින් උන කොල්ලා ඉක්මනින් ඒ ආව නොටිෆිකේශන් එක ඕපන් කලා..

මොකද එයා දැනගෙන හිටියා. ඒ මැසේජ් එක අනිවාර්යයෙන්ම එයාගේ 'ටිකක්' පණ්ඩිත 'ගොඩක්' ආදරණීය 'ඉහවහා ගිය' නපුරු කමක් තියෙන සුදු අයියගෙන්!

හිතුවා වගේම ඒක ඇවිත් තිබුනේ හසරැල්ගෙන්...

"පණ්ඩිතයා" කියලා සේව් කරන් උන්නු චැට් එක ඕපන් කරන්නත් කලින්ම ඒ ඇවිත් තිබුනේ ෆොටෝ එකක් කියලා දැකපු සයුරු තමන්ගේ දෙබැම රැලි කරන් චැට් එක ඕපන් කලා.

ඇයි ඉතින් කවුද දන්නේ රෑ 10ට මේ 'යකා' මොනා එවලද කියලා...!

කිව්වත් වගේ ඒක ෆොටෝ එකක්...

හැබැයි නිකන් නෙවෙයි,

ඕපන් කරපු හැටියෙම රැලි වෙලා තිබුන දෙබැම ලිහිල් වුනත් එක්කම අර බෝල ඇස් දෙක පුලුවන් තරම් ලොකු වුනා වගේම සිනිදු කම්මුල් රෝස පාටින් සිත්තම් වෙනකොට කට ඇතුලෙන් තමන්ගේ දිව හපාගත්තු සයුරු ඊලඟ තප්පරය ගත වෙන මොහොතෙදි ඒ ස්‍ක්‍රීන් එක ඕෆ් කලා.

ඇයි ඉතින් කොල්ලව රතු වෙලානේ.. මම අහන්නේ ඇයි අර මිනිහට බැරි එක තප්පරයක් මේ පොඩි එකාව අවුස්සන්නේ නැතුව ඉන්න!

රත් වුන කම්මුල් දෙක ආයෙම සාමාන්‍ය අතට හැරෙනකන් තප්පර කිහිපයක් ගත කරපු සයුරු ආයෙම එයාගේ ෆෝන් ස්ක්‍රීන් එක ඔන් කලත් එක්කම, ඒ ඇස් දෙක ඉස්සරහ හිටියේ උඩු කය නිරුවත් හසරැල් කෙනෙක්..

තෙත බේරෙන කොන්ඩේන් රූටලා බෙල්ල දිගේ පපුව පහලට ගලන වතුර බිංඳු කීපයක් ඒ පිරුණු පපුවේ තනි මැකුවත් ඒ ඇරුනුකොට සම්පූර්ණ නිරුවත් උන හසරැල්ගේ උඩු කය දිගේ පහලට ආව සයුරුගේ ඇස් අවසානෙදි ෆොටෝ එක අගිස්සෙන් පේන සුදු පාට ටවල් ගැටේ ලඟ නැවතුනත් එක්කම ඒසී එකේ උන්නත් කොල්ලගේ ඇගට දාඩිය දැම්මා...

වස්සාන හාදු || The Rainy KissesOù les histoires vivent. Découvrez maintenant