අව්වයි...
අව්වයි කියන්නෙ පුදුම තරම් අව්වයි.. කාස්ටකයි.. කොච්චර අව්ව සැරද කියනවා නම් වලව් මිදුලෙ වැලි පොලොව උඩ යටිපතුල් තියන්න බැරි ගානයි..
ඒත්... කොච්චර අව්ව සැර උනත්, මද්දහනේ දොලහා පහුවෙලාවත් මට මේ ගේ ඇතුලෙන් ලොකු රස්නයක් දැනුනෙ නෑ.. වෙන කොහේහරි මේ වගේ වෙලාවක උන්නා නම් ඇගම දියකරගෙන දාන දාඩිය අද අහලකවත් නෑ...
සුදු අයියගෙ කාමරේ ඇරපු ජනෙල් වලින් කාමරේ ඇතුලට ආවේ වියළි හුලඟක් උනත් ඒ හුලඟ පවා මට දැනුනෙ සැනසීමක් විදියට..
මට වචන කරන්න නොතේරුනත්, මේ හැමදේම මට දැනුනේ හරි නිස්කලංක විදියට.. හිතට හරි සුවදායක විදියට.. මොකද ගෙදර උන්නා නම් කොයි වෙලාවෙත් අඩු නැතිවම වාහන සද්ද ඇහුණා.. ඒසී එක නැත්තන් ෆෑන් එකක් නැතුව ගෙයක් අස්සෙ ඉන්න බැරි තරම් පෑවිල්ල කාලෙට රස්නෙ වුනා..
ඒත් මේ ගෙදර.. ඉඳලා හිටලා පාරෙන් යන වාහනයක් ඇරුනම මට ඇහුනෙම කුරුල්ලනේ කිචි බිචිය... ඒ අස්සෙන් වෙල පැත්තෙන් එන හීන් හුලඟ... පැයකට දෙක තුනක් වත් අනිවාර්යයෙන් එහා මෙහා යන ඈතින් ඇහෙන කෝච්චියක නලා හඬ...
ඇත්තමයි.. පුදුම තරම් නිස්කලංකයි.. හිතට සැනසීමයි...
හැබැයි කම්මැලියි...
අකේන් අයියා ආවත් හරි දෙන්නත් එක්ක එක පැයක් ඉන්න ඇති ගෙදර.. මෙන්න ඊලඟට.. ලෑස්ති උනා.. බබා මම ටක් ගාලා ටව්න් එකට ගිහින් එන්නම් කිව්වා.. මිසින්!
ඇයි ඇහුවට කිව්වෙත් නෑ... අඩු තරමෙ මාත් යනවද කියලා ඇහුවෙත් නෑ.. හුහ්.. මට කොහොමත් ගෙදරින් පැනල ආව පිම්මට එලියට යන්නත් බෑ තමා.. එවුනාට එයාට වටිනවනෙ නිකන් හරි අහන්න.. බබා ඔයත් යනවද කියලා.. ඒවා නෑ... කොහෙද.. හොර එක දැක්කම මගෙන් වැඩක් නෑනේ.. ම්හුක්... පිරිමි චපලයි කියලා හිතෙන්නෙ ඔය වෙලාවටනෙ...
වදේ...
ඒ මදිවට ගැහුවත් එක්ක.. තාමත් රිදෙනවා.. මේ මිනිහා කන්නෙ අලි මස්ද මන්දා.. සුතුපුතාගේ කම්මුල තාමත් සතුවෙලා... අනේ අම්මේ මේ යෝධයා ඔයාගේ කොලු පැටියට දුක නැතුවම ගැහුවා..
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....