•විසිඑක්වන දිගහැරුම•

2.3K 400 220
                                    

"එහෙනම් පුතා.. නංගිත් එක්ක පරිස්සමෙන් ගෙදර යන්න. වාහනයක් ආවා නේද ගෙදරින්"

මං අරන් ආව එයාගෙ බෑග් එකත් එක්කම එයාගෙ පිටේ තිබුන ලොකු බෑග් එකත් එයාලගේ වාහනේ පිටිපස්සට දානකන් බලාගෙන හිටිය එයාගෙ අම්මා අන්තිමට ගෙදරින් වාහනේ ආවා නේද කියල මගෙන් අහන ගමන් සුදූටයි මටයි පරිස්සමෙන් යන්න කියද්දි බෑග් දාන්න ඇරපු ඩිකිය මං ආයෙම වහලා දැම්මා..

"ඔව් ආන්ටි.. වාහනේ ආවා. ආන්ටිත් මල්ලි එක්ක පරිස්සමෙන් යන්න"

මං හිනාවුනා.. උනත් මගේ ඒ හිනාවට ලොකු ආයුශක් නම් තිබුනෙ නැති උනා..

"ම්ම්.. සුදු දෝණි පරිස්සමෙන් මැනික.. අකේන්.. ඔයත් පරිස්සමෙන් පුතේ.. තුන් දෙනාටම බුදුසරණයි"

අපි ඔක්කොටම පරිස්සමෙන් කියල කිව්ව එයාගෙ අම්මා කට පුරාවටම අපේ සුදූට සුදු දෝණි කිව්වා. කියන ගමන් හිනාවෙලා අවසානෙදි බුදුසරණයි කියන වචනෙත් එක්කම යන්න ගියා උනත් යන්න ගිය එයාම ආපිට හැරුනා. මේ සැරේ ඒ ඇස් කෙලින්ම හැරුනේ මගේ දිහාවට වෙනකොට අපි බලාගෙන හිටියා.

"හසරැල් පුතා....."

"ආන්‍ටි......?"

"දැන් ඉතින් ආන්ටි ආන්ටි නොකිය අම්මා කියන්න ඕනි හොදද ම්ම්....!"

එයා හිනාවුනා.. ඒ කටින් පිටවුන වචන එක්ක එයාට හිනාවෙන්න පුලුවන් උනත් මට හිනාවෙන්න බැරි උනා. මං හිතන්නේ මං හිරවුනා.

අ..අම්මා... දෙවියනේ අම්මා! එ..එයා කිව්වේ මට එයාට අම්මා කියන්න කියල ද.. ම්.මට ඇහුන විදිය ඇත්තටම හරිද. නැත්තන්.....! ඒ.ඒත් ඇයි.. මං අහන්නේ ඇයි?

මොලේ වැඩ කරන දැති රෝද එකින් එක මලකඩ කාපු ගානට හිරවෙලා වැඩනැතුව ගිය මට කිසි දෙයක් හිතාගන්න බරුව යනකොට ගල් ගැහිලා ගිය මම එහෙමම බලාගෙන හිටියා. කොච්චර බලාගෙන හිටියා උනත් එයාගෙ අම්මා කියපු ඒ කතාවේ තේරුමක් හිතාගන්න මට බැරි වුනා.

කොටින්ම මේ මහිම හසරැල් දේවනාරායන, අසිනි උදුම්බරා ගජනායකගේ තනි වචනයක් නිසා ගල්ගැහිලා හිටියා.

නම දන්නේ කොහොමද අහන්නෙපා උබර්ලට ඒකෙන් වැඩක් නෑනේ! කම්පිටිශන් එකේ ඩොකියුමන්ට් වගයක් ෆිල් කරන්න එයාගෙ SRB එක ගත්ත වෙලාවක දැක්කේ. දැක්කා කියන්නේ දැක්කා!! මිසක් බැලුවා නෙවෙයි!
එච්චරයි!!!

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now