Before ,My Book

440 68 26
                                    

2018 ආරම්භ වූ J

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2018 ආරම්භ වූ J.O.D පොත ගැන තොරතුරක්

පටන් ගැන්ම - කතාව හා සම්බන්ද වෙන කියවන්නං වෙනුවෙන් මුලදිම වැදගත් තොරතුරක් දෙන්න කැමතියි.මේ ඉදිරිපත් කරන්න යන පො⁣තෙහි පලමු ලිවීම සිද්ද වුනේ 2018 | 10 | 13 අවුරුද්දෙයි.2018 වට්ස් ඇප් තුලදිත්,2019 වට්පෑඩ් එක තුලදිත්,2021| 10 | 03 වෙනි දවසෙදි වට්පෑඩ් එකේදිම මගේ පැරණි අකවුන්ට් එකේදි පොත ඉවර වුනා.ඒ අකවුන්ට් එක තවදුරටත් පාවිච්චි වෙන්නෙ නැහැ වගේම මේ පලවෙන්නෙ පරණ කතාවම ආයෙත් වතාවක් අලුතින් 2022 අවුරුද්දෙදි.ඒ නිසා පොත කිසිම කෙනෙක්ගෙන් හොරා ගත්තු අනුකරණයක් නෙවෙයි.මගෙම නිර්මාණයක්.

》》》》》》

පොත සහ නම - JUST ONE DAY ( J.O.D ) | මේ පොතට දැන් අවුරුදු හතරක් පිරෙන්න බොහොම ලඟයි.කතාවත් එක්ක අවුරුදු තුනකටත් වැඩිකාලයක් පුරා රැඳිලා හිටපු කියවන්නනංට දැනීමක් ඇති මේ කතා කරන්නෙ මොන වගේ කතාවක් ගැනද කියන එක!නමුත් මං පසුව තීරණය කෙරුවා කතාවෙ නම MISSING FLOWER නැත්තං අතුරුදහන් මල,නැතිවුන පුශ්පය නමින් නම් කරන්නත්.කතාව කියවපු කෙනෙක්නං මිසිං ෆ්ලවර් කියන වචන දෙක කතාව ඇතුලෙදි හරි ශක්තිමත් ,සිතුවිලි දහස් ගානක් පිරුණ වචන දෙකක් වුනා මතකයි නේද?

》》》》》》

පොත් දෙකක් - JOD පොතේ මුල් පිටප⁣තේදි කතාවෙ කොටස් හැත්තෑවක් තිබුණා.හැම කොටසක්ම වචන පන්දාහට වැඩිපුර ලියවුනා.මේ පලවෙන්නෙ JOD පොතේ තුන්වෙනි සහ අන්තිම එඩිට් එක.බොහොම පිළිවෙළකට කරපු හොඳම ලිවීම.ඒ නිසා කොටස් වල දිග ප්‍රමාණ වැඩිවුන එක ⁣හේතුවෙන් කතාව පොත් දෙකකට දෙන්න තීරණය කෙරුවා.මේ සීරීස්(DRAMA)එකක්.ඒ නිසා එක පොතක සහ පොත් සීරීස් එකක වෙනස තේරුම් ගන්න.ඒ හේතුව නිසා මේ කතාවෙ එක පොතකට ඇතුලත් කල නොහැකි තරං කරුණු තියනවා.චරිත ප්‍රමාණය වැඩියි.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now