22 - The Truth Untold | නොකියූ සත්‍යය

65 16 3
                                    

' Behind every mask there is a face, Behind every person there is a mask, And behind that a story '
________________________________________

' Behind every mask there is a face, Behind every person there is a mask, And behind that a story '________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගෙදරින් එලියට බහින එක කොනක එලියට වෙන්න හදලා තිබුණ පඩිපෙලක ඉඳගෙන ඉන්න මායා ග්‍රේස්ගෙ ඇස් යාවෙලා තිබුණෙ පඩිපෙලෙන් පිටත පරිසරේ දිහාට.සීතල නැතිවෙන්න හිසකේ හිරකරලා ඔලුවට දාගත්තු තොප්පියෙ උඩට වැටුන හිම අතකින් පිහාගත්තු මායාගෙ ඇස් වලට අහුවෙන්නෙ ගෙදර මිදුලෙ තිබුණ සුදු පාට.මාස කීපෙකට කලින් බුසාන් නගරෙට මාරු වුන නිසා නවතින්න ගත්තු ගෙදර වටපිටාවෙ තිබුණ ලස්සන මායගෙ ඇස් වලට සහනයක් ගෙනත් දුන්න කොල පාට තණකොල බිස්ස සම්පූර්ණයෙන් හිම කැට වලින් වැහිලා ගිහින්.මල් ගස් වල මල් දියවෙලා ගිහින් තියනවා දැක්කම මායාට උවමනා වුනා අර කලින් තිබුණ පරිසරේ හිම අස්සෙන් පීරගෙන ගිහින් ⁣හොයන්න.

ආයෙත් කොල පාටක් දකින්න කොයිතරම් ආසද?ඒ හැම ලස්සනක්ම වහගත්තු හිම නොවැටි තිබුණනං කොයිතරං හොඳද?කලින් වැටුනු,අලුත වැටෙන සීතල හිම පියලි ගැන අමනාපෙන් හිටපු මායා ගෙදර එලියට හදාපු පඩිපේලියෙ ඉඳගෙන හිටියෙ හදිසියකින්.කෙල්ලට අද කොහෙදෝ ගමනක් යෙදිලා යහලුවො කීපදෙනෙකුත් එකතු වෙලා යන්න නියමිත වුන.

ගමනෙ අවසානෙදි දකින්න බලාපොරොත්තු වෙන හිතුවක්කාරයා අනිත් අය එනකං මග බලාගෙන නැති බව කෙල්ල හොඳින්ම දන්නවා.රෝහල් ඇඳේ සීතලේ ගුලි වුන ජන්කුක් සුව නින්දක පහු වෙනවා ඇති.මුණගැහුන මුල් දවසෙදි හිත් වල ඇතිවුන අමනාපකම් දැන් අතුරුදහන් වෙලා නිසා මායා ග්‍රේස්ට උවමනයි අසනීපෙන්,අපහසුවෙන් ඉන්න පංතියෙ කොල්ලව බලලා දුක සැප අහගෙන එන්න.

" අම්මේ!ඉක්මන් කරන්නකෝ.සැවානා මග බලාගෙන ඇති.පරක්කු වෙනවනෙ තවත් "

Just One Day - Book 01 || JJK Where stories live. Discover now