14 - Begin | කතාවක හමුවීම

64 18 5
                                    

' Do you know that everything starts with the lily blossom in Jungkook's hand? '
_________________________________________

' Do you know that everything starts with the lily blossom in Jungkook's hand? '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ දවස් වල අරූ ඉන්නෙ හොද සිහියකින් නෙවෙයි.වෙන ලෝකෙක!සභාපතිතුමාගෙන් සතියකට සැරයක් දොසක් අහගත්තෙ නැත්තං කෑම කෑවෙ නෑ වගේනෙ.දැන් හොදයිනෙ! "

තට්ටු හතරෙ ශාලාවෙ මල් නොපිපුන ලිලී මල් වැට ලඟින් ඉක්මන් ගමනින් තවත් කාටදෝ දොස් කියන අතරෙම විදුලි පන්දමකුත් අතේ තියාගෙන එහෙට මෙහෙට වන වන යන්නෙ කොලේජ් එකේ ප්‍රධාන ශිෂ්‍යනායකයා.මහන්සියට වේගෙ වැඩිවුන නම්ජුන්ගෙ හුස්මක අවලාද පාවෙලා ගියෙ මල් වැට ළඟ රෑ දුවගෙන යන කණ්ඩායමේ අන්තිමට ඇවිදගෙන එන ජොන් ජන්කුක් පැත්තට.

උදේ මූණෙ තිබුණ තරඟ වලින් දිනපු සතුට එහෙම පිටින්ම අතුරුදහන් වුන ජන්කුක්ගෙ මූණට රෑ වරුවෙදි ඇවිදින් තිබුණෙ දෙයක් මගඇරුන,නැතිවුන වෙලාවක මූණට ආපු පසුතැවුනු,කොලේජ් එකේ වැදගත් කෙනෙක්ගෙන් දොසක් අහන්න බලාපොරොත්තු වුන පෙනුමක්.අනිත් කීපදෙනාගෙ පිටිපස්සෙන් ඇවිද්දත් කොල්ලා හිටියෙ අමතක වුන දෙයක් ඉක්මනින් මතක් කරගන්න උවමනා වුන කල්පනාවක.

" සමහරවිට සර් එක යතුරක් අරන් ගියා වෙන්න බැරිද?නෑ!නෑ නෑ සර් මට යතුරු දෙකම දුන්නෙ එකට දාලා.ග්‍රවුන්ඩ් දෙකේම නැත්තං මං ඒක වෙන කොහෙටද අරගෙන ගියෙ? "

ක්‍රීඩාගාරෙට අවශ්‍ය වුන ක්‍රීඩා භාණ්ඩ ගබඩා කරලා තියපු ගෘහස්ථ ක්‍රීඩාගාරෙ ඇතුලෙ හදාපු කාමරේ දොරේ යතුර ඒ විදිහට ජන්කුක්ගෙ අතින් අවශ්‍යම වුන වෙලාවක නැති වෙලා තිබුණා.ක්‍රීඩා භාණ්ඩ තියපු කාමරේට අයිති යතුරු දෙකෙන් එක යතුරක් ක්‍රීඩා ගුරුවරයා ලඟත් අනිත් යතුර ක්‍රීඩා නායකයා ලඟත් තිබුණ⁣ට දවල් වරුවෙදි එකට අමුණපු යතුරු දෙකම ක්‍රීඩා නායකයා ජන්කුක්ගෙ අතේ තියලා තිබුණෙ ජන්කුක් නිතරම ග්‍රවුන්ඩ් එකේ හිටපු නිසත්,ක්‍රීඩා නායකයට දවල් වරුවෙ තිබුණ තරඟෙකදි අනතුරක් වෙලා රෝහලට ගෙනිච්ච නිසත් කියන සිද්දි දෙකම මුල් කරගෙන.ක්‍රීඩා තරඟ නිසා එහෙ මෙහෙ දුවපු ජන්කුක් යතුර කලිසම් සාක්කුවට දාගත්තත් ඇඳුම් මාරුකරන වෙලාවකදි යතුර කොල්ලගෙ අතින් නැති වෙලා තිබුණා වැටුන තැනක්වත් පහසුවෙන් හොයාගන්න බැරි විදිහට.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now