39 - You Never Walk Alone | වනන්තරයේ අමුත්තිය

44 10 0
                                    

' A strange encounter that disappeared in an instant '
_________________________________________

බල්බ් එලියට වෙස්මුහුණ හොඳින් අල්ලපු ජන්කුක් ඒ අතටත්,මේ අතටත් ඒක හරවන අතරෙ මොනවදෝ හොයන බව දැකපු ක්ලාරා මොබයිල් එකෙන් මූණ පැත්තකට අරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා ටික වෙලාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බල්බ් එලියට වෙස්මුහුණ හොඳින් අල්ලපු ජන්කුක් ඒ අතටත්,මේ අතටත් ඒක හරවන අතරෙ මොනවදෝ හොයන බව දැකපු ක්ලාරා මොබයිල් එකෙන් මූණ පැත්තකට අරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා ටික වෙලාවක්.ප්‍රශ්නයක්ද ඇහුවත් ඒ සද්දෙට ක්ලාරා දිහා බලපු ජන්කුක් ඇහිබැමි වකුටු කරගෙන නිශ්ශබ්දවම වෙස්මුහුණට ආයෙත් ඇස් ගෙනිච්චෙ මූණ අමුතු කරගත්තු පෙනුමකින්.ජන්කුක්ගෙ ඇස් වල රැඳුනෙ 'මේ වගේ දෙයක් කොහොම වුනාද?' අහන ප්‍රශ්නයක්.ජන්කුක්ගෙන් පිළිතුරක් නැති නිසා ඉඳගත්තු තැනින් නැගිටපු නම්ජුන් කොල්ලා ලඟටම ආවෙ වෙස්මුහුණ දිහත් සැකෙන් බලාගෙන.ජන්කුක්ට ඒක දිහා විශේශයෙන් බලාගෙන ඉන්න තරං දැකපු තමන් නොදැකපු දේ මොකක්ද කියලා දැනගන්න හිතාගෙන.

" ජන්කුක් මොකද? "

නම්ජුන්ගෙ ප්‍රශ්නෙ නිසා පුරුදු සිහියට ආපු ජන්කුක් අතේ තිබුණ කැඩුන වෙස්මුහුණ පෙන්නලා ඒක ඉස්සරහට දික්කරා ක්ලාරටත් හොඳින් පේන විදිහට.

" මොනවද පේන්නෙ? "

අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා වෙනුවට මිත්‍රයො දෙන්නට තවත් අමතර ගැටලුවක් දීපු ජන්කුක් නම්ජුන්ගෙනුත් ක්ලාරාගෙනුත් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්.උදේ මායා ගෙනාපු වෙස්මුහුණෙ තමන්ට අමුතුවෙන් දෙයක් නොපෙනෙන බවත්,ශාලාවෙ පැත්තකට විසි කරපු නිසා ඒ ගැන ලොකු අවදානයක් නොදුන්න බවත් නම්ජුන්ගෙ කටින් පිටවුනාම ජන්කුක් කෙරුවෙ ඔලුව හිමිහින් දෙපැත්තට හොලවපු එක.ඊලඟට කොල්ලා අතක ඇඟිල්ලක් වෙස්මුහුණෙ පැලිලා කැඩුනු කොටස දිගේ අරගෙන ගියා සැකෙන් පිරුණ මූණකින් ඒ දිහා බලාගෙන.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now