21 - Wake Up | අවදිවෙන තුරු

44 17 3
                                    

' Wake up soon my friend.
Before the winter is over '
________________________________________

Before the winter is over '________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අපි සර්ජරි එක ඉවර කරා.එයාට ප්‍රශ්නයක් නෑ.දරුවට තාම සිහියනං ඇවිදින් නෑ.දවස් කීපයක් යයි බොහෝවිට.සර්ජරි අතරතුරදි ඔය වගේ දේවල් සිද්ද වෙනවා.ජන්කුක්ව හොස්පිටල් එකට ගේන්න ගත වුන කාලෙත් ගැටලුවක් වුනා.එයාගෙ ලේ මට්ටම බොහොම පහලින් තිබුණෙ.ඒක ලොකු අනතුරක් අනික.අනිත් ළමයටත් ගැටලුවක් නැහැ.නමුත් දැන්ම කාවවත්ම බලන්න යන්න පුලුවන් කමක්නං නෑ.දවස් කීපයක් එයාලගෙ ප්‍රතිකාර පිළිවෙළකට දෙනකං ඉවසන්න වෙයි "

ජන්කුක්ගෙ ශල්‍යකර්මය සිද්ද වුන දැඩි සත්කාර ඒකකයෙ ශල්‍ය ඒකකයෙන් පිටතට ආපු ප්‍රධාන වෛද්‍යවරයා වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ සභාපතිතුමාට සිද්දිය හිමිහින් පැහැදිලි කරන ගමන් හිටියා.ජන්කුක්ගෙ ශල්‍යකර්මය අතරතුරදි සිද්ද වුන හද ගැස්ම පහල යෑම ගැන පිටත අයට දැනගන්න ලැබිලා තිබුණ නිසා ජන්කුක්ගෙ ශල්‍යකර්මය අතරතුරදි කොල්ලට ගැටලුවක් වුනාද කියන එක දැනගන්න පැය කීපයක් යනකං නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු අනිත් අය නිදහසේ හුස්මක් ගත්තෙ ප්‍රධාන වෛද්‍යවරයගෙ පිළිතුරු නිසා.

ඩොක්ටර් වෝල්ටගෙ වගේම ප්‍රධාන වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමේ දක්ශකම නිසා අවසාන හුස්ම පිටකරන්න ලැහැස්ති වුන ජොන් ජන්කුක්ගෙ තත්වය බොහොම දුර්වල ,අවදානම් මට්ටමේ සීමාවෙන් ඈත් කරගන්න පුලුවන්කම ලැබිලා තිබුණා.

ලී කොටය අයිත් කරලා සිද්ද වුන තුවාලෙ ඇතුලතට සිද්ද වුන හානිය බලලා,මැහුම් දාලා ශල්‍යකර්මයෙ වැඩ ඉවර කරගෙන ජන්කුක්ගෙ ඉන වටේට බැන්ඩේජ් ඔතලා,ලේ වලින් පෙඟුන රෙදි කෑලි අයින් කෙරුවයිනුත් පස්සෙ ජන්කුක්ව ශල්‍ය කාමරෙන් අයින් කරලා වෙනස් කොටසකට මාරු කරත් කොල්ලව බලන්න කාටවත් අවසර දීලා තිබුණෙ නෑ.ජන්කුක්ගෙ දුර්වල හද ගැස්ම තවමත් සාමාන්‍ය තත්වෙට ඇවිදින් නැති නිසාම කොල්ලට සිහිය එන එක ප්‍රමාද වෙන බව වෛද්‍යවරයා අනිත් අයට දැන්වුවා.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now