41 - Friend's Talk | තරඟයට පෙර

118 13 0
                                    

' Imagine your face
Say hello to me
Then all the bad days
They're nothing to me
With you '
_________________________________________

               පාක් ජිමින් සීතල උදේ වරුවක සොක්ජින්ගෙ ශීතකරණයෙන් ගත්තු වතුර ගොඩකින් මදි නොකියන්න නාගෙන තිබුණා මිත්‍රයගෙ නොමද සහයෝගයත් ඇතුවම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 
             පාක් ජිමින් සීතල උදේ වරුවක සොක්ජින්ගෙ ශීතකරණයෙන් ගත්තු වතුර ගොඩකින් මදි නොකියන්න නාගෙන තිබුණා මිත්‍රයගෙ නොමද සහයෝගයත් ඇතුවම.කටින් කේන්තියෙන් පිටකරන්න හිතුන කැත වචන කීපයක් එහෙමම ගිලගත්තු ජිමින් තේහ්‍යුංගෙන් තෑගි ලැබුනු හිම බෝලය ගැන විතරක් කල්පනා කරගෙන ගෙදර ඉන්න පිරිමි දෙන්නව හොයාගෙන කිචන් එක පැත්තට යන්න අඩි තිබ්බා.කිචන් එකට යනකොට සොක්ජින්ගෙ අතින් හැදෙන රස කෑමක සුවඳක් නහයට දැනුන ජිමින්ට දැකගන්න ලැබුනෙ තේහ්‍යුං කෑම මේසෙ පුටුවක ඉඳගෙන ඉන්න විදිහත් ජින් ගිනි උදුන ළඟ මොනවදෝ පිලියෙල කරන විදිහත්.

" What kind of impression did you get when you woke up in the morning dude? "

තෙමුන හිසකේ පිහින ගමන් කිචන් එක ඇතුලට එන ජිමින්ව දැකපු ගමන් හිටපු තැනින් නැගිටපු තේහ්‍යුං අත් දෙකත් දෙපැත්තට දික්කරගෙන උස් හඬින් රඟපෑමක විදිහෙන් වාක්‍යයක් පිටකරේ ලොකු සතුටකින් ඉන්න විදිහටයි.ඒක ඇතු⁣ලෙ ජිමින්ට අටවපු උගුන ගැන දැනුන කැත ආසාව හැංගිලා තියන බව ජිමින් දන්නවා.

" Totally, nice one you little shit taehyung! "

" More like you screwed up in the morning know? "

" Very funny "

" Thanks me later - ahhh! "

මේසෙ උඩ තිබුණ ප්ලාස්ටික් පලතුරු වට්ටියෙන් දොඩම් ගෙඩියක් අරගෙන තේහ්‍යුංගෙ කට වහන්න උවමනා නිසා දමලා ගහපු ජිමින් මිත්‍රයගෙ විලාපෙකුත් අහගෙනම අනිත් පුටුවෙන් ඉඳගත්තා තෙත ඇඳුම් ගලවන්න උවමනා බව කියාගෙන.

" කොහෙන්ද අර කෝච්චියක් හදපු හිම බෝලෙ?ඒක පුදුම ලස්සනයි තේහ්‍යුං.ඇත්තටම ලස්සනයි "

Just One Day - Book 01 || JJK Where stories live. Discover now