03 - I Love Exams | සිතුවම් මතක

164 35 45
                                    

' His art is when he hear
a knocking from his
soul and he Answer '
_________________________________________

' His art is when he heara knocking from his soul and he Answer '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඕහ්හ්හ් !! "

බලාපොරොත්තු නොවුන,හදිසියෙ සිද්ද වුන සිද්දියක් නිසා තිගැස්සුන ජන්කුක්ගෙ කටින් පිටවුන සද්දෙක ඝෝශාව කොලේජ් කොරිඩෝර් එකේ ඇවිදපු හැම ළමයෙක්ටම ඇහෙන්න ඇති කලබලෙන් කරපු කෑගැහිල්ලක් විදිහට.හදිසියෙ බෑග් එකත් උරහිසේ දාගෙන කිම් සොක්ජින්ගෙ ඩ්‍රින්ක් හවුස් එක⁣ පැත්තට දුවගන්න හිතාගෙන ශාලාවෙන් එලියට පැනගන්න ගියපු ජන්කුක් නතර වුනේ තවත් පැත්තකින් දුවගෙන ආපු වෙනත් කොලේජ් එකක ගැහැණු ළමයෙක්ගෙ ඇඟකත් වේගෙන් හැප්පිලා.

ජන්කුක් දුවගෙන ආවෙ හදිසියකින් නිසා කොල්ලට නවතින්න බැරුව ගියා ඉස්සරහින් එකපාරම ගැහැණු ළමයෙක් එනවා දැක්කත්.ශාලාවෙ අනිත් පැත්තෙන් ආපු ගැහැණු ළමයටත් පැත්තකට වෙන්නත් බැරිවුනා වේගෙන් මූණ ඉස්සරහට ආපු පිරිමි ළමයෙක් නිසාම.කෙල්ලව ජන්කුක්ගෙ ඇඟේ හැප්පුනාම විසි වෙලා යන්න ඇති එතනම තිබුණ බිත්තිය මැද්දට.

ජන්කුක්ගෙ ඇඟේ හැප්පුන ගැහැණු ළමයව බිත්තියෙ වැදුන නිසාම කෙල්ලගෙ අතේ තිබුණ පොත් කීපයක් බිමට විසි වෙලා ගියා හැමතැනකම.වීදුරැ වලින් හදලා තිබ්බ වතුර බෝතලෙත් බිම වැටිලා කුඩු වෙලා ගියෙ පොලවෙ වැදිලා බිඳුන වීදුරු කටු හතර අතේ විසික් වෙද්දි වතුරත් එක්කම.බිත්තිය අයිනකට විසි වුන ගැහැණු ළමයගෙ ඔලුවෙ පැත්තක් වැදිලා තිබුණා කොන්ක්‍රීට් බිත්තියෙ තදින්.හැප්පිලා විසික් වෙනකොට තමන්ව ආරක්ශා කරගන්නවත් මතකයක් ආවෙ නෑ කෙල්ලගෙ හිතට.නලලෙ පැත්තක් බිත්තියෙ වැදුන නිසාම ගැහැණු ළමයගෙත් කටින් කෑගැහිල්ලක් පිටවුනා අත් දෙක ඉක්මනින්ම ඔලුවට යැවෙනකොට.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now