29 - ️Skool Love Affair | රෝස මල් පොකුර

57 12 1
                                    

' They told me that they saw you knocking on my door with roses in your hands, you thought I'd be waiting. But I built myself a new home. Thank you for remembering me after I forget you '
_________________________________________

 Thank you for remembering me after I forget you '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Callin' you now, but you're not picking' up,
Shadows so close if that's still enough..
Light a match, light a match
Baby, in the dark
sho..w me where yo..u ar..e.. "

බල්බ් එලිය නිවපු නිසා අන්දකාරෙක වැහිලා ගියපු කාමරේ සීතල වුන කොට්ටෙට ඔලුව තදකරගෙන හිටපු ජිමින්ගෙ තොල් අගින් සිංදුවක වචන කීපයක් කෙඳිරිල්ලක් විදිහෙන් එලියට පිටවුනා හරි හිමිහින්.කන් දෙපැත්තෙ රැඳුන ඉයර්පෝන් වලින් අඩු සද්දෙට ඇහුන සිංදුවක කොටස් සොක්ජින්ගෙ ගෙදර පහල තට්ටුවෙන් ඇහෙන වේග රිද්ම ගීත වල සද්දෙ වුනත් පසාරු කරගෙන ජිමින්ගෙ හිත අස්සට රිංගලා තිබුණා සීතලේ වැහුන රෑ යාමෙදි.හේතුවක් ඇතුව හෝ නැතුව අඩවන් වුන ජිමින්ගෙ සීතල ඇස් වල තෙත් වීම නිසා එක ඇහැකින් පහලට ඇදීගන ගියෙ රිදීමක් ගැන කියන කඳුලු බිංදුවක්.

ගෙදර ඇතුලෙ රෑ සාදයක් කරගෙන යන වෙලාවෙදි ඒකත් එක්ක මැදියම් රෑ යාමෙ වෙනකං එකතු වෙලා නොඉන්න තීරණය කරපු ජිමින් අගුලු වැටුනු කනුත්,හිරිවැටුන හමත් නිසා දැනුන හිසරදයක් ඔලුව ඇතුලක තියාගෙන නිදන කාමරේට කොටු වෙලා දැන් විනාඩි කීපයක් ගෙවිලා.ජිමින්ගෙ ඔලුව ඇතුලෙ නලියන්නෙ බුසාන් නගරෙට තියපු පියවර කීපයකින් පස්සෙ සිද්ද වුන සිද්දි කීපෙකින් ඉතුරු වුන බලාපොරොත්තු නොවුන මතක කීපයක්.

එතන මුල්ම කොටසක පැරිස් ගිබ්සන්ගෙ නම ලියවිලා තියන බව ජිමින් හොඳින්ම දන්නවා.සිංදුවෙ අවසාන කොටස ඇහෙන්න කලින් ඉයර්පෝන් ගලවලා අයින් කරපු ජිමින් මොබයිල් ෆෝන් එක කොට්ටෙ යටින් තියලා උවමනාවක් නැති කමින් ඇඳෙන් නැගිට්ටෙ සීතල ටයිල් පොලවක කකුල් වැදෙනකොට.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now