42 - Steps & Floors | තරඟකාරයෝ

67 14 9
                                    

' One is ready to win, the other is unwilling to lose. If you win this, you can play another game. If you lose, you can beat the same game '
_________________________________________

අලුයම ගෙවිලවත් නැති වෙලාවෙදි සෙවෝන් පාලමේ වැඩ ඉවර නැති අනිත් කොටස අරිනකං බලාගෙන හිටපු තරඟෙට යන්න සූදානමින් වෑන් එක ළඟට එකතු වුන කණ්ඩායම ⁣විනාඩි කීපයක් එතන ඉන්න ඇති තරඟෙ පැවැත්වෙන බුසාන් නගර කොනකට යන හදිසි ආසාවකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලුයම ගෙවිලවත් නැති වෙලාවෙදි සෙවෝන් පාලමේ වැඩ ඉවර නැති අනිත් කොටස අරිනකං බලාගෙන හිටපු තරඟෙට යන්න සූදානමින් වෑන් එක ළඟට එකතු වුන කණ්ඩායම ⁣විනාඩි කීපයක් එතන ඉන්න ඇති තරඟෙ පැවැත්වෙන බුසාන් නගර කොනකට යන හදිසි ආසාවකින්.පාලමේ අයිනෙ කතාවෙන් පස්සෙ වෑන් එක ලඟට ඇවිදින් අමතර කෑම පාර්සල් කීපයක් ඇරගත්තු කණ්ඩායම බඩ පුරවගන්නත් තවත් වෙලාවක් අරගත්තා.ඒ අතරෙදි සොක්ජින්ට ආපු දුරකථන ඇමතුමක් නිසා වෙනත් පැත්තකට ගිය තරුණ කොල්ලා උවමනාවට වඩා වැඩි වෙලාවක් කා එක්කදෝ කතා කරන්න තියාගත්තම ළමයින්ගෙ මූණු වලට ආවෙ හිනහවක්.

ඒකට හේතුව වුනේ තරුණ වයසෙ ඉන්න සොක්ජින් ගැහැණු ළමයෙක් එක්ක කතාබහක ඉන්න බව අනිත් අය විස්වාස කරපු එකයි.ඒත් ටික වෙලාවකින් ඈතට ගිය සොක්ජින්ගෙ කටහඬ වෑන් එක ලඟටම ඇහෙනකොට අනිත් අයට තේරුනේ කොල්ලා කා එක්කදෝ බහින්බස් වීමක ඉන්න බවයි.පාලමේ දෙපැත්තට හදිසියෙන්,කේන්තියෙන් ඔලුවත් දෙපැත්තට හොලවන අතරෙ ඇවිදින එකත්,මොබයිල් එකෙන් තවත් ඇමතුම් කීපයක් ගන්න එකත් සොක්ජින්ගෙ අතින් සිද්ද වුනා කලබලයෙන්.

තවත් අමතර විනාඩි කීපයක් ඇමතුමක හිටපු සොක්ජින් ඇමතුම විසන්දි කරලා ඉනට අත් දෙක තියාගෙන ගලාගෙන යන සෙවෝන් ගඟ දිහා බලාගෙන ඉන්න ඇති ඇස් දෙකත් වහගෙන හදිසියෙ හිතට ආපු තරහ නිවෙනකං.ඉන්පස්සෙ ආයෙත් වෑන් එක පැත්තට හිමිහින් ඇවිදපු කොල්ලා කණ්ඩායමේ ළමයි ඉන්න තැනින් හිටගත්තෙ වකුටු වුන ඇහිබැමි අතක ඇඟිලි වලින් මිරිකන ගමන්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now