28 - ️Look Here | රෑ සාදය

65 12 0
                                    

' Why do we only worry about spring time itself? ' 
________________________________________

' Why do we only worry about spring time itself? ' ________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවුරුදු හතරකට පෙර 

' වසන්ත කාලය..!නැතිනම් වස්සානෙ.වස්සානෙට පරිසරයෙ සිද්ද වෙන වෙස්කම් ගැන අමුතුවෙන් මතක් කරන්න උවමනා නැහැ නේද?වසන්තය හරි විශේශයි.මං කියන්නෙ නැහැ අනිත් හැම සෘතුවක්ම වසන්තය තරමට ලස්සන නැහැ,විශේශ නැහැ කියලා.නෑ.පෘථිවියට වැටෙන හැම සෘතුවක්ම හරි ලස්සනයි.ඒ හැම සෘතුවකටම ආවේණික වුන ලක්ශණයන් තියනවා.මං දන්නවා!ඒත් එකිෙකාගෙ හිත යන්නෙ වෙනස් වෙනස් සෘතු වලටයි.වස්සානෙත් ඒ අතරෙන් මගේ හිත ගත්තු සෘතුව වෙලා දැන්.දැකලා තියනවද වසන්ත කාලෙදි අලුතින් මල් පිපෙන විදිහ?අලුතින් හැදෙන කොල වල ලා කොල පාට,මල් වලින් එන සුවඳ ,පලතුරු වල හැංගුන රස,මේ හැමදේම කලවං වුන වස්සානෙදි හමාගෙන එන හුලඟක් ඇඟට වැදෙනකොට දැනෙන හැඟීම!වචනෙන් විස්තර කරනවට වඩා හිතට දනවගන්න එක පහසු නැද්ද?-

-ඒ කියපු දේවල් වලටම ගැලපෙන්න ඔයාගෙ ගෙදර⁣ට පිටිපස්සෙන් ගස් වලින් වට වුනු ඉඩකඩක නිල් පාටින් වතුර පිරුණ විලක් තිබුණනං,ඒ විලේ ඉවුරට අල්ලපු කොටසක ලී බෝට්ටුවක් එක්ක හබලක් නැවතුනානං,එතනටම ගැලපෙන්න හැමදාම විල ලඟට ගිහින් හෙවණක ඉඳගෙන කතාබහ කරන යාලුවො කීපදෙනෙක් හිටියනම් වසන්ත කාලෙ ලස්සන කරගන්න වෙන මොනවද තව ඕන කරන්නේ?හිත නිවන,නිදහසක් ගේන වටපිටාවක් එක්ක ආදරේ කරන අය ලඟින් ඉඳිද්දි දැනෙන සාමකාමී නිදහස් සිතුවිල්ල හැමෝටම ලබාගන්න පුලුවන්ද?ඒක හැමෝම විඳලා තියනවද?හැමෝටම ඒ වගේ අවස්ථාවක් ලැබෙනවද?නිතරම?කාලෙකට සැරයක්වත්?ඒත් නිදහසේ ඉන්න වෙලාවක් මිනිස්සුන්⁣ට අද නැහැලු-

Just One Day - Book 01 || JJK Where stories live. Discover now