34 - Handsome Vampire | උල්සාන් බලා

88 13 0
                                    

' They warned that a huge thunderstorm was about to hit the city. And now he wonders what comes with it. But It's not really a thought about rain, lightning or wind. There was something wrong with it '
_________________________________________

 There was something wrong with it '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" උදේ හත වෙන්න කලින් සොක්ජින් හියුංගෙ වෑන් එක එයි.හැමෝම කොලේජ් එක ගාවදි එකතු වෙන්න.අපිට මගදි පුලුවන් නම්ජුන්වයි ජන්කුක්වයි එකතු කරගන්න.ඒ දෙන්නම ගෙදර ගියෙ වෙලාවට එන එක දන්වලා.අමතර බඩු කීපෙකුත් ඒ අයගෙ ගෙවල් වල තියනවා අපිට ගන්න "

උසස් පාසලේ සති කීපෙක අන්තිම නිවාඩුවට දවස් දෙකකට කලින් පාසලේ වැඩකටයුතු ඉවර වුන දහවල් වෙලාව පහුවුන මොහොතක කොරිඩෝර් එකේ නැවතුන නම්ජුන් වටේ එකතු වුන ළමයි කීපදෙනෙක්ට උපදෙස් කීපයක් දෙන ගමන් හිටියා විහිලුවක් නොවුන හොඳින් හිතලා බලපු පෙනුමක් මූණෙ තියාගෙන.ගෙදර යන්න උවමනාවෙන් කොරිඩෝර් එකේ මග නැවතුන නම්ජුන් වටේ ⁣ස්කූල් බෑග් උරහිසේ දාගත්තු හෝසොක්,යුන්ගි වගේම ක්ලාරත්,යුමිත් ඇතුලු ගැහැණු ළමයි කීපදෙනෙකුත් නැවතිලා හිටියෙ උදාවෙන්න තිබුණ ඊලඟ දවසෙදි කරන්න නියමිතව තිබුණ සතු⁣ටත්,මහන්සියත් පිරුණ දෙයක් ගැන උනන්දුවෙන්.

" ජන්කුක්ගෙ ආච්ච් අම්මට මේ ගැන දන්වලා ඇතිනෙ නේද ජන්කුක්? "

" මොකද නැත්තෙ?මිසිස් මියාකි අපිට පුලුවන්ලු ග්‍රෑන්ඩ්පේරන්ට්ලගෙ ගෙදරට පහලින් තියන අත්ඇරලා දාපු හෝල් එකක ප්‍රැක්ටිස් කරන්න.පරණ වුනත් පුහුණුවීම් වලට එතන ප්‍රශ්නයක් නැතිවෙයි කියලයි ජන්කුක්නං කිව්වෙ "

පැයභාගෙකට කලින් නවාතැන බලාගෙන කණ්ඩා⁣යමෙන් වෙන්වුන ජන්කුක්ගෙ තීරණය ගැන ආයෙත් වතාවක් ප්‍රශ්න කරන්න හෝසොක්ට උවමනා වුුන නිසා නම්ජුන්ගෙන් ඒකට ලැබුනෙ ස්ථිර,විස්වාසවන්ත උත්තරයක්.දවස් කීපෙකට කලින් සිද්ද වුන කතාබහක මාතෘකාව වුන බුසාන් නගරයෙ එක කොනක තිබුණ තරඟය ගැන සාකච්ඡාවෙන් පස්සෙ ජන්කුක් අරගෙන ආපු අදහස වුනේ උල්සාන් වල ජන්කුක්ගෙ මිත්තනිය වුන මිසිස් මියාකිගෙ පැරණි නවාතැනේදි ළමයින්ට පුහුණුවීම් වලට ඉඩක් වෙන් කරගන්න පුලුවන් බව.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now