43 - Win Or Lose? | පාර පුරා

53 7 6
                                    

' This is just one opportunity in our life, so we decided to end
it with dignity ‘
_________________________________________

' This is just one opportunity in our life, so we decided to end it with dignity ‘_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පැය දෙකක් ගෙවිලා ගිහින් දැන්.අද වේදිකාවේ තරඟ අවසන් වෙලා පැය දෙකකට ලං වෙලා.උසස් පාසලේ අන්තිම ඉදිරිපත් කිරීම ඉවර වෙලා බොහොම වෙලා දැන්.එයින් පස්සෙ තිබුණ තවත් තරඟ කීපයක් අවසන් වෙනකොට සංවිදායකයො විනිශ්යකරුවන්ට අවස්ථාව දීලා තිබුණා අද තරඟයෙ එක්එක් කොටස් වලින් තේරෙන අයව පිලිවෙලින් හදාගන්න වෙලාවක්.ඒ ගෙවුනු පැය දෙක අවසන් වෙනකං උසස් පාසලේ ළමයින්ව එක්තැනකට එකතු කරගත්තු සොක්ජින් පිරිමි ළමයින්ගෙ ඉදිරිපත් කිරීම ගැන ගැහැණු ළමයි සතුටින් කියන දේවල් වලට ඇහුම්කන් දෙන ගමන් හිටියෙ ආඩම්බරෙන්.

පිරිමි කණ්ඩායමේ ඉදිරිපත් කිරීම යන වෙලාවෙදි ප්‍රේක්ශකාගාරයෙන් සිද්ද වුන කෑගැහීම් වල සද්දෙන් වේදිකාව පිරිලා යන්න ඇති.ඒ සතුටත්,කිසිම තැනක වැරැද්දක් නොවුන එක ගැන දැනුන ආසාවත් නිසා උසස් පාසලේ ළමයි හිටියෙ තරඟය නොදින්නත් සතුටින්.තවත් බොහොම සුලු වෙලාවකින් කියන්න නියමිතව තිබුණ තරඟයෙ ජයග්‍රාහකයින් ගැන පුංචි බලාපොරොත්තුවක් ඒ අයගෙ හිත් වල කොනක තාමත් තිබුණා.තවත් විනාඩි කීපයකදි තරඟ වලට සහභාගි වුන හැම කෙනෙක්වම ප්‍රෙක්ශකාගාරයෙ මුල් අසුන් පෙලවල් වල ඉන්දෙව්වෙ අද දවසෙ තරඟයෙ වැඩකටයුතු වල අවසන් අදියර වෙනුවෙන්.

මුලින්ම තනි තනිවම ඉදිරිපත් කිරීම් කරපු ළමයින්ගෙ නම් ලැයිස්තුවක් මෙහෙයවන්නා කියවගන යනකොට ඒ අයට සිද්ද වුනා වේදිකාවට නගින්න.තනිවම ඉදිරිපත් කිරීම් කරපු ගැහැණු ළමයින්ව මුලින්ම වේදිකාවට අරගත්තු විනිශ්යමණ්ඩලය විනාඩි කීපයක් ඇතුලත පලවෙනි ජයග්‍රාහකයො පස් දෙනාගෙ නම් කිහිපවිටකදි කිව්වෙ වේදිකාවෙ උඩට ඉඳන් වැටෙන දිලිසෙන කොල කෑලි අස්සෙන් ඇවිදින ගමන්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now