11 - Let Me Know | මිනීමරු වෘකයො

83 18 0
                                    

' I heard a sign of fear from a dead wolf in the middle of the night..I don't know what he told me '
_________________________________________

I don't know what he told me '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාස දෙකකට පසු


මැදියම් රෑක ගන්න හුස්මත් නාහෙ ඇතුලෙම හිරවෙන තරමට සීතල වුන හිම රෑක අහසෙ අන්දකාරෙත් එක්ක පායපු අලු පාට හඳට බැරිවෙලා වෙනද ⁣වගේ ගස් කොලං අස්සෙන් පීරලා ගිහින් හැමතැනක්ම එලිය කරන්න.වෙනදට තීරු කපාගෙන අඳුරු තැන් වලට වැටෙන හඳ එලිය අද අතුරුදහන් වෙලා.හඳ පායපු අහස යට උස කලු ගල් පර්වතයක් උඩ ඉඳගෙන ලේ පාටින් ඇස් වලට අහුවුන හඳ දිහා බලාගෙන හූවක විලාපයක් තියන නරි රැලක කෑගැහිල්ලක් නිසා වටපිටාවම මහා මූසල රැයක් වෙලා.

කව්රුත් නැතුව පාලුවට ගියපු අත්ඇරලා දාපු අමු සොහොන් පිට්ටනියක චිත්‍රයත් මැවෙන මැදියම් රැයක් ඒ.පුංචි තණකොල ගස් වැහෙන්න රෑ අහසින් වැටිලා තිබුණ හිම කැටි වල තිබුණෙත් අඳුරු පාටක්.කහ පාටින් පායන අඩුවක් නැති හඳ නැතුව අඩ හඳක් පායපු නිසා හිස්වෙලා ගියපු අහසෙන් ඇහෙන විලාපෙට උත්තර බඳින්න හූ තියන නරින්ගෙ ඇස් වල තිබුණෙත් මිනීමරු බැල්මක්!

' අලු වර්ණෙන් හඳ පෑව්ව දවසක
සුදු පාටින් හිම වැටුන හවසක
සුදුමැලි ගං ඉවුරෙ අඩි තියපු 
මොහොතක
අයිස් තට්ටුවක් ඇයටත් නොදැනි 
පුපුරපු වෙලාවක
ඔහුව ගිලගන්න
ගං පතුලෙන් ඇතුලට ඇදගන්න
සීතල වතුරෙදි හුස්ම හිර කරගන්න
බලාගෙන හිටියලු 
මිනීමරු වෘකයො.. '

හැඩි වුන හිම කැටි වැටුන හිසකේ කෑලි එන ලෙඩ හුලඟකට මූණ පුරා යන එක නවත්තගන්න අතේ ඇඟිලි එක්ක ඔට්ටු වුන කිම් තේහ්‍යුංගෙ සීතලට ගල් වුන තොල් අගින් අඩු සද්දෙකින් පිටවුනේ නරි විලාප තියන මැදියම් රෑටම ගැලපෙන්න කියාත්තු වාක්‍ය පේලියක්.පැරිස් ගිබ්සන්ගෙ ගෙදර පැත්තක තිබුණ සීත කාලෙ නිසා ගල් වෙලා වතුර මිදිලා ගියපු පාලුවෙ පිරුණ විල ලඟ සීතල හිම ගොඩත් උඩම ඉඳගෙන හිටපු තේහ්‍යුං කොල හැලුන දුඹුරු පාට පොතු ගැලවුන ගහකට හේත්තු වෙලා හිටියෙ විල මැදට ඇස් තියාගත්තු හිස් අදහසකින්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now