09 - We On | සැර විහිලුවක් !

102 21 16
                                    

' Welcome Someone so gratefully into Your life,
But you can add some
just a bit of crazy '
_________________________________________

වැම්ෂෙඩ්හයර් කොලේජ් එකේ සභාපතිතුමා නිල් පෑනකින් මේසෙට හිමිහින් තට්ටු කරන අතරෙ ඇස් කණ්ණාඩිත් ඇඟිලි වලින් ආයෙත් වතාවක් හරියට හදාගෙන කොලේජ් එකට අලුතින් බැඳෙන්න ආපු අලුත් ළමයින්ගෙ කලින් කොලේජ් වලදි ගත්තු විස්තර ඇතුලත් කරපු ෆයිල් තොගේ පෙරලගෙන බලන්නෙ තු...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැම්ෂෙඩ්හයර් කොලේජ් එකේ සභාපතිතුමා නිල් පෑනකින් මේසෙට හිමිහින් තට්ටු කරන අතරෙ ඇස් කණ්ණාඩිත් ඇඟිලි වලින් ආයෙත් වතාවක් හරියට හදාගෙන කොලේජ් එකට අලුතින් බැඳෙන්න ආපු අලුත් ළමයින්ගෙ කලින් කොලේජ් වලදි ගත්තු විස්තර ඇතුලත් කරපු ෆයිල් තොගේ පෙරලගෙන බලන්නෙ තුන් හතර වතාවකටයි.වෙනත් කොලේජ් වලින් වැම්ෂෙඩ්හයර් උසස් පාසලට අලුතෙන් බැඳෙන්න ආපු ළමයින්ට සති කීපෙකට කලින් වෙනමම රැස්වීම් කීපයක් තියලා ළමයින්ව තෝරගත්තත් සභාපතිතුමාට අවශ්‍ය වුනා කොලේජ් එකේ පංති වලට ළමයින්ව බෙදලා දාන දවසෙත් එකඑක්කෙනාගෙ ෆයිල් එක වෙන වෙනම බලලා යවන්න.

සභාපතිතුමා වැඩ ඉවර කරනකං අලුත් ලෝකෙකට ආපු ගගනගාමීයො කණ්ඩායමක් වගේ ඔෆිස් රෑම් එක ඇතුලට එකතු වුන අලුත් ළමයි බිත්ති වල ගහපු එකඑක පෝස්ටර්,පින්තූර,කැබිනට් වල තියපු සම්මාන දිහත්,වට පිටත් විස්තර බලන්නෙ දැන් පැයභාගෙක වෙලාවක ඉඳලයි.උදාවුන අලුත් අවුරුද්දක මුල කාලයක් නිසා වැම්ෂෙඩ්හයර් උසස් පාසලට අලුතින් ළමයි එන කාලයක් මේ ගෙවෙන්නෙ.හැම ළමයෙක්ම සභාපතිතුමාගෙ මේසෙ ව⁣ටේ හිටගෙන තමන්ට අදාල පංතිය ලකුණු කරලා දෙනකං ඉවසිල්ලක් නැතුව බලං හිටියෙ අද අලුතින් මුණගැහෙන වැම්ෂෙඩ්හයර් කොලේජ් එකේ ළමයින්ව දැනඅඳුනගන්න.සභාපතිතුමා කියන නමින් හැමෝම කතා කරෙත් වැම්ෂෙඩ්හයර් කොලේජ් එකේ විදුහල්පතිතුමාට.

තරමක් තරබාරු වුන ඇඟට හරියන්න නිතරම කලු කෝට් එක ඇඳගෙන කොලේජ් එක වටේම දවසට විසි වතාවකටත් වඩා ඇවිදන් යන සභාපතිතුමා පෙනුමෙන් බොහොම ප්‍රියමනාම කෙනෙක් වුනා.නමුත් පාසලේ ඇතුලෙ තිබුණ නීති රිදී අකුරටම බලාගත්තු විදුහල්පතිතුමාට දැන් වයස පනහකටත් ලංවෙලා ඇති.වැම්ෂෙඩ්හයර් වගේ ලොකු උසස් පාසලක තියෙන වැඩකටයුතු බලාකියා ගන්න එකම ඇති සභාපතිතුමා කොයිතරං මහන්සි වෙනවද කියන එක ගැන දැනගන්න කියන මතෙයි ගුරුවරු වුනත් හිටියෙ.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now