13 - Boy In Luv | ආරම්භ වූ වගයි

69 18 1
                                    

' The saddest thing i've ever done
was beg someone to love
me the way
loved them '
_________________________________________

' The saddest thing i've ever done was beg someone to love me the way loved them '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පාක් ජිමින්..

දවසක් කොල්ලට මහ රෑ වැස්සකදි ආගන්තුක ගැහැණු ළමයෙක් මුණගැහුනා.ඒ මුණගැහීමෙන් පස්සෙ තමන්ගෙ අතින් වුන වැරදි අතපසුවීම නිසාම දවස්,මාස,අවුරුද්දක් ගෙවෙනකං ආගන්තුක ගැහැණු ළමයව කොල්ලා හෙව්වා.හැමවෙලාවකම මගඇරුන පුද්ගලයා ගැන කොහෙන්හරි,කාගෙන්හරි ආරංචියක් ලැබේවි නේද කියලා කොල්ලට බලාපොරොත්තුවක් තිබුණා.

මග තොටේදි දකින්න ලැබෙන අය අතරෙදි අතුරුදහන් වුන කෙනාව දකින්න ලැබේවිද කියලා කොල්ලා කල්පනාවෙන් හිටියා.දවසෙ පුවත් පතක දැකපු මිනීමැරුමක් ගැන විස්තරයක් කියෙව්වම,ටෙලිවිශන් එකේ ගියපු නිවුස් එකක් දැකලා හිත ගැස්සුනාම වාහනේ හැප්පුන ගැහැණු ළමයව කොල්ල⁣ට මතක් වුනා.වැස්සෙම ජිමින් පැදපු වාහනේ හොයාගෙන ආපු ගැහැණු ළමයට මොකක්හරි කරදරයක් වෙලා ඇතියි කියලා හිතුන හැම වෙලේකම කොල්ලගෙ හිතේ තමන් ගැනම පසුතැවීමක් ඇතිවුනා.

අත්වැරදීමකින් වුනත්,හිතලා කරත්,නොහිතා සිද්ද වුනත්,කෙනෙකුට හොදක් කරන්න තිබුණ වෙලාවකදි සිද්ද වෙන  මගඇරීම්,අතපසුවීම් නිසා ජීවිතේට ලැබෙන්නෙ සහනෙකටත් වඩා නොඉවසිල්ලක්,පසුතැවීමක් බව ජිමින් තේරුම් ගත්තෙ පහුවුන අවුරුද්ද ඇතුලතදි.ඒත් අද සකුරා මල් ගහ ළඟ සොක්ජින්ගෙ බීම ගෙදර ළඟදි නොහිතපු මොහොතක් ආරම්භ වෙලා.ජිමින්ගෙ හිතේ තිබුණ පසුතැවීම,කලකිරීම පුදුමයක්,තිගැස්මක් විදිහට මාරු වෙලා.

නැතිවුන ගැහැණු ළමයා⁣ ගැන වදවුන කාලෙදි කෙල්ලට මොනා වුනාද කියන්න නොදැන හිටියත්, මූණෙ මතකෙ දුරස් වුනත් අද ෆින්ලේ මැකෙන්සි පාක් ජිමින්ගෙ හීනි ඇස් ඉස්සරහින් හිටගෙන ඉන්නවා.හරි අපුරු හිනාවකුත් තොල් අග තියාගෙන.ආගන්තුක ගැහැණු ළමයගෙ මූණ දිහා තත්පර කීපයක් බලාගෙන හිටපු ජිමින් ඊලඟට පුදුම වුනේ ඒ ෆින්ලේ මැකෙන්සිද කියන එක එකපාරම ස්ථිරව හිතන්න බැරුව ගිය නිසයි.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now