06 - Care | මිස්ටර් සොක්ජින්

98 28 15
                                    

' Make each new day count 
by helping someone or 
just making someone smile '
_________________________________________


පෞද්ගලික රෝහලේ නිල් පාට එක බිත්තියක එල්ලපු කැලැන්ඩරේක කොල, ඇරලා දාපු ජනේලෙන් ආපු හුලඟකට හෙලවෙන්නෙ දැන් විනාඩි කීපෙක ඉඳන්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


පෞද්ගලික රෝහලේ නිල් පාට එක බිත්තියක එල්ලපු කැලැන්ඩරේක කොල, ඇරලා දාපු ජනේලෙන් ආපු හුලඟකට හෙලවෙන්නෙ දැන් විනාඩි කීපෙක ඉඳන්.ෆින්ලේ මැකෙන්සි හොස්පිටල් එකට ආපු දවසෙ ඉඳන් කැලැන්ඩරේ හෙලවෙන කොල අතරෙ තියන අද දිනේට නියමිත වුන මාසෙ බැලුවම දවස් තුන හතර ගෙවිලා සති දෙකකුත් ඉවර වෙලා බව කෙල්ලට දකින්න ලැබිලා දැන් පැය කීපයක්.

වැහැපු වැහි කොයි වගේද,පායපු ඉරේ රැස් රස්නෙද,හිම වැටෙන්න ලඟද,නගරෙ වටපිටාව කො⁣හොමද කියන කිසිම දෙයක් වාහනේ හැප්පිලා හොස්පිටල් එකට ආපු දවසින් පස්සෙ ෆින්ලේට දැකගන්න ලැබුණෙ නෑ.කකුලට සිද්ද වෙලා තිබුණ හානිය නිසාම ඇවිදගන්න බැරි ෆින්ලේ හිටියෙ එක්තැන් වෙලා හොස්පිටල් රූම් එක ඇතුලටම වෙලයි.

ෆින්ලේගෙ ප්‍රතිකාර බාරව හිටපු ⁣⁣ඩොක්ටර් වින්සනුයි,කෙල්ලගෙ ඉතුරු වැඩ කරපු හෙදියො කීපදෙනයි,උදේ දවල්,රෑ කැම අරගෙන ආපු මනුස්සයවයි ඇරෙන්න වෙනත් පන තියෙන කෙනෙකුට ෆින්ලේට දැකගන්න පුලුවන් උනේ තමන්ගෙම චායාව විතරයි.ගෙවුනු සති දෙකක කාලෙ ඇතුලත ෆින්ලේ ගැන හොයලා බලන්න පිටතින් ආපු වෙනත් කිසිම කෙනෙක්ව කෙල්ලට දැකගන්න ලැබුනෙත් නෑ.

ෆින්ලේව බලන්න කෙල්ලගෙ පවුලෙ කව්රුත්ම එන්නෙ නැති බව කෙල්ලට මතක් කරන්න උවමනා නෑ.කොහෙන්හරි සිද්දිය ආරංචි වෙලා වංචාකාර මැකෙන්සි කෙල්ලව බලන්න ආවත්,මැකෙන්සිගෙ පවුලෙ අනිත් අය කෙල්ලව ගෙදර අරගෙන යන්න කැමැත්තක් දුන්නත් ආයෙත් වතාවක් ඒ අපායට යන්න ෆින්ලේගෙ හිත කොහොමත් එකඟ නෑ.හොස්පිටල් එකේ ඉන්න කාත් එක්ක හරි කතා කරන්න හිතුනත් අඩිය තියාගන්න බැරි කකුල නිසා ෆින්ලේට දැනුනෙ අමතර වදයක්.

Just One Day - Book 01 || JJK Tahanan ng mga kuwento. Tumuklas ngayon