35 - Face To Chest Fight | වැසි දා රෑ

45 11 1
                                    

' A stormy night, But we danced, making fun of each other. Like one step closer, another step closer. Sometimes we do crazy things. But we can't even understand '
_________________________________________

 But we can't even understand '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොනවද අපි ළඟ තියෙන්නෙ ළමයි? "

බිත්තියෙ ගහපු ඔරලෝසුවෙ රෑ හතේ කනිසම වැදෙන්න පැයභාගෙකට විතර කලින්ම සොක්ජින්ගෙ විමසිල්ලෙන් පිරුණ කටහඬ අනිත් ළමයින්ට ඇහුනා එලියෙන් වැටෙන වැහි පොදක් පසාරු කරගෙන.කිචන් එකට ළඟ කොටසෙ එකඑක වර්ග වල බඩු අසුරපු උස කබඩ් එකක් ළඟ හිටගෙන හිටපු තරුණ සොක්ජින්ගෙ දෙපැත්තෙ යුන්ගිත් යුමිත් තවත් කීපදෙනෙකුත් වටවෙලා හිටියෙ සොක්ජින් කබඩ් එකෙන් අරගෙන දෙන දේවල් ආයෙත් පැහැදිලිවම දැකගන්න.

" අපි ළඟ තියනවා හියුං අඅඅ- ෆ්ලෑශ් ලයිට් දෙකක්,ඉමර්ජන්සි ලයිට් එකක්,කැන්ඩ්ල්ස්,ගිනි පෙට්ටියක්,ලයිටර් දෙකක්,අතන ගිනි උඳුන තියනවා.ලෑම්ප් ශෙඩ් එකක් හොයාගත්තා.ඝන රෙදි වලින් මහපු බෙඩ්ශීට්ස් එක්ක මුලු රෑම කන්න කෑම ගොඩක්! "

" කුණාටුව සැර එකක් වුනොත් අපිට පුලුවන් බේස්මන්ට් එකට යන්න.හෝසොක් ජන්කුක් එක්ක බේස්මන්ට් එක අස්කෙරුවා.දැන් අර හදිසියෙ ඉලෙක්ට්‍රිසිටි නැතිවුනොත් අපිට උවමනා කරන දේවල් එක තැනකින් තියනවා ඒ අය "

හැන්සර් සුලි කුණාටුව පැයට කිලෝමීටර් කීපයක වේගයෙන් උල්සාන් නගරෙට කඩාවැදෙන බව කියපු ප්‍රවෘත්තිය ඇහුන වෙලාවෙදිම සොක්ජින්ට සිද්ද වුනා ගමනෙ මහන්සිය පුංචි වෙලාවකට අමතක කරලා ළමයිනුත් එක්ක රෑ විදුලිය ඇණ හිටින ගැටලුවක් ආවොත් ඒකට කලින් තියාම සූදානම් වෙන්න.ඒ නිසා එලිය ගන්න උවමනා කරන දේවලුත්,සීතලෙන් ආරක්ශා වෙන්න උවමනා දේවලුත්,හදිසියෙ පහල මාලෙට යන්න සිද්ද වුනොත් රෑ පුරා කන්න උවමනා කරන කෑමත්,බීම වර්ගත් රෑ උදාවෙන්න කලින් ලැහැස්ති කරන එක මිසිස් මියාකිගෙ උදව් එක්කම සිද්ද වෙන ගමන් තිබුණා.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now