' She said she was sorry.
He never
heard it '
________________________________________
කණ්ඩායමේ අපරාධකාරයො වගෙයි කියන්න පුලුවන් කීපදෙනාගෙ අවදානෙ වෙස්මුහුණක් දාගත්තු ගැහැණු ළමයා පැත්තට හැරුන වෙලාවෙදි අත් දෙක උස්සගෙන හිටපු නම්ජුන් අඩියක් දෙකක් නොතේරෙන්න පස්සට ගන්න හැදුවා ගැහෙන පපුවත් එක්කම.ඒත් ඒ තත්පර කීපෙදියි කලුවරේ මහා පඳුරු වලින් වැහුන ලොකු රූස්ස ගහක් ලඟින් එලියට පැනගත්තු ජන්කුක් ගහ ලඟම හිටපු කලු කබාකාරයගෙ මූණට තදින් වැදිලා යන විදිහට අත මිටමොලවලා පාරක් ගැහුවෙ.ඒ වැදුන පාර කොයිතරම් වේගෙන්,තදින් වැදුනද කිව්වොත් කබාකාරයගෙ කටින් උණු ලේ එලියට විසික් වුනා.ඒත් එක්කම ඇඟේ පාලනය නැතිවුන මිනිහත් එතනම තෙත මඩගොඩක බිම ඇදගෙන වැටුනා.කබාකාරයගෙ අතේ තිබුණ තුවක්කුවත් විසි වෙලා වෙනත් තැනකයි වැටුනෙ.වාසනාව වුනත් අවාසනාව වුනත් තුවක්කුව වැටුනෙත් ජන්කුක්ගෙ කකුල් ළඟින්.ඒ නිසාම හිත හිත ඉන්න කාලය වැය නොකරපු ජන්කුක් රූස්ස වනන්තරයෙන් එකපාරම එලිබැහැපු කලු කොටියෙක් වගේ කකුල් ළඟ වැටුනු තුවක්කුව තෙත් වුන මඩත් එක්කම අතට අහුකරගත්තෙ ඒක ඉස්සරහට දික්කරන අතරෙම බිම හිටපු ගැහැණු ළමයවත් අතින් අල්ලලා ඇදලා උස්සන ගමන්.
ජන්කුක්ට උවමනා වුනේ ගැහැණු ළමයත් අරගෙන වෙනත් පැත්තකට දුවන ගමන් නම්ජුන්ටත් බේරිලා දුවන්න කියලා කෑගහන්නයි.ඒත් නම්ජුන් තමන්ගෙ මිත්‍රයගෙ හදිසි පැමිණීම නිසා පුදුම වුනා. හොරෙන්ම දුවන්න පිටිපස්සට අඩි තියන්න කුරුමානං අල්ලපු කොල්ලට ඒක අමතක වුනා.ඒ පැන්නෙ ජන්කුක් කියන එක අඳුනගන්නත් නම්ජුන්ට තවත් වෙලාවක් යන්න ඇති.
YOU ARE READING
Just One Day - Book 01 || JJK
Fanfictionඅඳුරු රැයකට ඇද වැටුනු ධාරානිපාත වරුසාවක සීතල වැහි දිය පසාරු කරගෙන තනිවුනු නමක් නැති එකම එක මල් අත්තක පිපුණු නටුවෙන් හැලෙන්නට මග බලන වර්ග දෙකක මල් පෙති දෙකක්! මීදුමට වැහුන රෑ යාමෙදි මඩ තැවරුණු සුදු ලිලී මල් පෙති කුණාටුවකට හමාගෙන ආපු කව්දෝ හොරෙක් ඇවිද...