20 - Yet To Come | රෝහල අසල

58 16 0
                                    

' Who knows what mistake they made that opened up something even more? '
________________________________________

' Who knows what mistake they made that opened up something even more? '________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" අපේම ස්ටුඩන්ට් කෙනෙක්! නිකම්ම ස්ටුඩන්ට් කෙනෙක් නෙවේ අයිසේ!නිකම්ම ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි.වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ ශිෂ්‍යයෙක්!!මේකටද වගකීම කියන්නෙ?තමුසෙට මං කොලේජ් එකේ වගකීම් පැවරුවෙ මේ වගේ දේවල් කරන්නද? "

ආවේගෙන් පිරුණ හැඟීම් නිසා වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ සභාපතිතුමා අතමිට මොලවලා කාර්යාල කාමරේ මේසෙට ගහපු පාරට මේසෙ උඩ තිබුන වීදුරු වලින් හදපු අයිෆල් කුලුනෙ පුංචි ආකෘතියක් අලවපු වීදුරු බෝලය බිම වැටිලා කුඩු වෙලා ගියෙ ඒකෙ ඇතුලෙ පුරවලා තිබුනු වතුර ටයිල් පොලව පුරා හැමතැනම විසික් වෙලා යද්දි.සභාපතිතුමාගෙ මේසෙ ළඟ හිටගෙන ටයිල් පොලවට බර කරගත්තු ප්‍රධාන ශිෂ්‍යනායකයගෙ ඇස් දෙකට දැකගන්න ලැබුනෙ සපත්තු දෙක වටේට විසි වුන වීදුරු කෑලි.

නම්ජුන් ඒ කුඩු වුන වීදුරු කෑලියි,විසික් වුන වතුර බිංදු දිහයි බලාගෙන හිටියෙ මැලවුණ මූණකින්.වෙනද ප්‍රධාන ශිෂ්‍ය නායකයගෙ මූණෙ තිබුන පිරිසිදු බවයි,ගාම්භීරත්වයයි අද අතුරුදහන් වෙලා ගිහින්.නිම් නම්ජුන් හිටියෙ කාලෙකට පස්සෙ දැනුන අතපසුවීමක්,වැරැද්දක් නිසා දැනුන කලකිරීමකින්.

" උත්තර දෙනවා නම්ජුන් "

පාසලේ ශිෂ්‍යයෙක්ගෙ කම්මුලට අත දිග ඇරලා පාරක් ගහන්න බැරිකමට සභාපතිතුමාගෙ කටින් පිටවුනේ ඒ වගේ පාරක තිබුණ සැර.ඒ සැර නම්ජුන්ගෙ කම්මුල් වල වැදුනෙ ගොරෝසු අතකින් ගහපු කම්මුල් පාරක් මූණ දෙපැත්තට වැදෙනවා වගේ දැනෙද්දි.

" ස..සර් මං දන්නවා.මේක ලොකු වැරැද්දක්.ඒත් ස- "

වෙනදට උසස් පාසලේ කව්රු ඉදිරිපිට වුනත් බයක් නැතුව බොහොම පිළිවෙළකට කතා කරන්න පුරුදු වෙලා හිටපු ප්‍රධාන ශිෂ්‍යනායකයගෙ තොල් අගිස්සෙ තිබුණ වචන අද එකිනෙකට පැටලුනේ හේතුවක් ඇතුවයි.කොල්ලා කියන්න අදහස් කරේ මොකක් වුනත් සභාපතිතුමා නම්ජුන්ට ඒක කියන්න ඉඩක් දුන්නෙ නැහැ.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now