47 - What am I to You | තනි තරුවක කුමාරයෙක්

54 8 11
                                    

' If we don't have feelings for each other..why do we drag it out like this? '
_________________________________________

හූඩිය දාගෙන හිටපු ආගන්තුකයා ⁣හිටපු තැනින් නැගිටගන ඉක්මනින්ම ඒක ඔලුවෙන් අයින් කෙරුවා හඳ එලියට හරි තමන්ව බය වුන අනිත් කෙනාට හොඳින් පේන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හූඩිය දාගෙන හිටපු ආගන්තුකයා ⁣හිටපු තැනින් නැගිටගන ඉක්මනින්ම ඒක ඔලුවෙන් අයින් කෙරුවා හඳ එලියට හරි තමන්ව බය වුන අනිත් කෙනාට හොඳින් පේන්න.ඒකට හේතුව වුනේ බිම වැටිලා බය වුන තේහ්‍යුංගෙ කෑගැහිල්ල ඔමෙලාස් හෝටලයෙන් පිටතටත් ඇදුන බව ආගන්තුකයට දැනුන එක.පඳුරු අස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට බඩගාපු තේහ්‍යුං අවතාරයක් ආපු බව හිතාගත්තත් ඊලඟ විනාඩියෙදි නිශ්ශබ්ද වුනේ අනිත් කෙනාගෙ මූණ ලාවට පේන්න ගත්තම.ආගන්තුකයගෙ අතේ තිබුණ විදුලි පන්දමක් දැල්වුවමයි කොල්ලට දැකගන්න පුලුවන් වුනේ ඒ ඉන්නෙ ජීවමාන ගැහැණු ළමයෙක් බව.

 " තේහ්‍යුං!තේහ්‍යුං මේ මම!! "

 බිම වැටුන තේහ්‍යුංගෙ මූණට විදුලි පන්දමේ එලිය ගහලා බලපු ආගන්තුක ගැහැණු ළමයත් ඒ ඉන්නෙ තේහ්‍යුං බව අඳුනගත්තා තත්පරෙන් දෙකෙන්.සුදුමැලි වුන කෙල්ලගෙ මූණ දිහා තත්පර කීපයක් බලාගෙන හිටපු තේහ්‍යුං ඒ කව්ද කියලා අඳුනගත්තෙ ඉන්පස්සෙයි.තමන් හිතුවා වගේ ඔමෙලාස් හෝටලයට අරක් ගත්තු යකෙක් එතන හිටපු නැති බව කලබල වුන හිතට දැනුයි ඒත්තු යන්නෙ.

" සෝයර්!!මොනවද මෙතන කරන්නෙ?? " 

විදුලි පන්දමේ එලියෙන් පරණ ආදරවන්තියගෙ මූණ අඳුනගන්න පුලුවන් වුන තේහ්‍යුංගෙ ඇස් ලොකුවුනා සැකෙනුත් කුහුලෙනුත්.මේ වගේ වෙලාවක පරණ ගොඩනැගිල්ලක් අස්සක සැවානා සෝයර්ව දකින එක තේහ්‍යුංගෙ ජීවිතේ කවදාවත්ම බලාපොරොත්තු නොවුන දෙයක් වුනා.

“ මේ- මේ ඔංචිල්ලාවක්නෙ දෙයියනේ! “

ඒත් එක්කම කොල්ලගෙ කන් වලට එකදිගට ඇහුන ක්‍රීක් සද්දය මොකක්ද කියලත් ඊලඟට දැකගන්න පුලුවන් වුනේ කොල්ලා හිටපු තැන පරණ ලොකු ගහක තිබුණ එහෙට මෙහෙට පැද්දෙන මලකඩ කාපු ඔංචිල්ලා දෙකක් දැක්කමයි.හදිසියෙ දුවනකොට ඒ එකක හැප්පිලා තේහ්‍යුං බිමට වැටිලා තිබුණ බවත්,සැවානා එතනින් එකක ඉඳගෙන ඒක එහෙට මෙහෙට පදින්න ඇති බවත් කොල්ලා දැන් දන්නවා.බලාපොරොත්තු නොවුන තේහ්‍යුංගෙ කඩාවැදීම නිසා සැවානා වුනත් කෑගහපු හැටි තේහ්‍යුංට මතක් වුනා.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now