08 - Idol | පුරුදු සිහින

109 26 39
                                    

' Anyone is automatically a lot more attractive when they're funny '
________________________________________


' Anyone is automatically a lot more attractive when they're funny '________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හෙලෝ - හෙලෝව්..හෙලෝ ,හෙලෝව්..
ටෙල් මී වට් යූ වෝන්ට් රයිට් නව්!
හෙලෝ -හෙලෝව්..හෙලෝ ,හෙලෝව්..
ඉමා ගිව් ඉට් ටු යූ ගර්ල් රයිට් නාාාා...ව් ! "

" වී නීඩ් දිස් ,අම් ඕකේයි !

" Okkkkkk!! "

" ඕහ් අම් අ මෑන්ලි හැන්සම්
මේඒඒඒ ල්! "

" යූ ගොට් මී සිකර්..
නොට් මයි ලවර් !
නන් නන් නනා.. "

" ලා ලා ලලලල ලල් ලල් ලාාා.....!!!.
ලා ලා ලලලල ලල් ලල් ලාාා.....!!! "

වැම්ෂෙඩ්හයර් කොලේජ් එක මැදක අනිත් ගොඩනැගිලි දෙකක් මැද්දෙන් තිබුණ ලා නිල් පාට ගාපු තට්ටු හතරෙ ගොඩනැගිල්ලට කොලේජ් එකේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ආවෙ දවස් කීපෙකට කලින් තියපු විභාගෙක ප්‍රශ්න පත්තර තොගයක් එකතු කරපු ලොකු ෆයිල් කවරයක් ඒවා අදාල වුන අංශෙ හිටපු ගුරැවරයෙකුට භාර දීලා යන්න.වෙනදා වගේ නැතුව සීතලේ කම්මැලිකමේ ඇවිදපු කිම් නම්ජුන් ශාලාවට ගොඩවැදුනෙත් බර වුන නහයට ලේන්සුවක් තද කරගන්න ගමන්.

අතේ තිබුණ ඇඟිලි වලට උස්සං ඉන්න අමාරු බර තිබුණ ප්‍රශ්න පත්තර කට්ටලේ ඉක්මනින්ම අදාල ඔෆිස් රූම් එකට අරගෙන යන එක කොල්ලගෙ රාජකාරිය.පහලම කොටසෙ හිටපු ගුරුවරයවත් මුණගැහිලා ප්‍රශ්න පත්තර කට්ටලෙත් මේසෙ උඩින් තියලා හිස්වුන ෆයිල් කවරෙ විතරක් අතට ගත්තු කොල්ලා දෙවෙනි තට්ටුවට නැගගත්තෙ හිමිහිමින් ශාලාවෙ තිබුණ උඩම තට්ටුවකට නැගගන්න හිතාගෙන.දවස් කීපයක්ම ගෙදර තිබුණ වැඩ කීපයක් නිසා එලියෙ රස්තියාදු වෙන්න,හිම සීතලට රෑ යාමෙ මූණ දෙන්න වුන හේතුවක් නිසා නම්ජුන්ට අසනීපෙක මූලික ලක්ශණ හිමිහිමින් පහල වෙන ගමන් තිබුණා.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now