46 - First Impression | අමුතු තැනකට

34 9 12
                                    

' At first, I could only see the garbage-filled surroundings..
But at first '
_________________________________________

              වැම්ෂෙඩ්හයර් පාසල් මාවත තීරුවෙ හැමතැනකම ඇස් යවපු මායාට එහෙට මෙහෙට යන වාහන අතරෙත්,පාරෙන් එහා පැත්තෙ තිබුණ එකඑක වර්ග වල කඩ සාප්පු අතරෙත්,පාරෙන් මෙහත්,පේන මානෙක ජොන් ජන්කුක්ගෙ හැංගුන රූපෙ දැකගන්න ලැබුනෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

              වැම්ෂෙඩ්හයර් පාසල් මාවත තීරුවෙ හැමතැනකම ඇස් යවපු මායාට එහෙට මෙහෙට යන වාහන අතරෙත්,පාරෙන් එහා පැත්තෙ තිබුණ එකඑක වර්ග වල කඩ සාප්පු අතරෙත්,පාරෙන් මෙහත්,පේන මානෙක ජොන් ජන්කුක්ගෙ හැංගුන රූපෙ දැකගන්න ලැබුනෙ නෑ.ඒ නිසා මොබයිල් එකෙන් ජන්කුක් කොහෙද ඉන්නෙ අහලා පණිවිඩයක් යවපු කෙල්ල පිළිතුරක් ලැබෙනකං මේපල් ගස් හෙවණෙ හිටගෙන හිටියා නොඉවසිල්ලෙන්.

J_Jungkook 
Old Omelas hotel

ජන්කුක් එවපු අලුත්ම පණිවිඩය දිහා විනාඩි කීපයක් බලාගෙන කල්පනා කරපු මායා මේ කියන ‘ පරණ ඔමෙලාස් හෝටලය’ මතකයෙ තියන තැනක් හිතුවා.මායා ග්‍රේස් වැම්ෂෙඩ්හයර් උසස්  පාසලට එන වෙලාවෙදිත් මංතීරු දෙකේ මාවතේ අනිත් පැත්තෙ එක අත්ඇරපු කොනක තිබුණ පරණ ගරා වැටුනු හෝටලය කෙල්ලගෙ මතකෙට ආවා.ඔමෙලාස් නමින් නියෝන් එලි වලින් හැඩ කරපු දැන් අකුරු ගැලවිලා කුණු බැඳුන ඔමෙලාස් හෝටලේ නම ගහපු පුවරුව කෙල්ලට මතකයි.

මේ කියන තැන තියෙන්නෙ මායා ඉන්න මේපල් ගහට ඉස්සරහින් පාරෙ අනිත් පැත්තෙ බව මතක් වුනාම කෙල්ලගෙ හිතට ආවෙ සැකයක්,අවිස්වාසයක්.හේතුව ජන්කුක් ඒ වගේ අත්ඇරපු කව්රුත් නොයන තැනක ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නය හිතට ආපු එක.ඒත් සැකය යටපත් කරගෙන ජන්කුක්ව දකින්න තිබුණ ආසාව හිත උඩට ආපු නිසා කීපවතාවක්ම වටපිට බලපු කෙල්ල ඉක්මන් ගමනින් පාරෙ අනිත් පැත්තට ඇවිදගන ගිහින් පරණ ගොඩනැගිල්ල දිහා බලාගෙන හිටියෙ මූණ ඇද කරගනයි.

පාරෙ පැති දෙකේ අනිත් හැම තැනක්ම පිරිසිදුවත් පිළිවෙලකටත් තියෙද්දි ඔමෙලාස් හෝට⁣ලයෙ ඉස්සරහින් හදපු තැනින් තැන කැඩුනු තාප්පෙ නගරෙට ගෙනත් දුන්නෙ අපිරිසිදු පෙනුමක්.හෝටලේ තිබුණ පුංචි ඉඩකඩේ බිමේ ඉස්සරහා හැමතැනක්ම වල් පැළ හැදිලා වැහිලා ගිහින්.⁣ඇතුලට යන්න තිබුණ ගල් අල්ලපු පොඩි අඩිපාරත් වැහෙන තරමට තණකොල ඇවිදින්.ගැලවිලා ගියපු කොන්ක්‍රීට් ගල් කැට තණකොල්ල අස්සෙ හැංගිලා.හෝටලේ පැත්තක වැවුන ලොකු ගහක අවුරුදු කීපෙකට කලින් එල්ලපු ඔංචිල්ලා දෙකක් හුලඟට පැද්දෙනවා.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now