27 - ️I Like It | වෙනත් නමක්

56 12 2
                                    

' The new craziness that came with one's arrival '
_________________________________________

' The new craziness that came with one's arrival '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

' අන්තිමට මං මොකක්ද ඇන්ඳෙ?මොකක්..ද? '

හවස් වරුවක තවත් අලුත් කාගෙවත් පැමිණීමක් නැතුව පාලුවෙන් පිරුණ,නිශ්ශබ්ද වුන,පිටත සීතල හුලඟක සද්දය විතරක් ඇහෙන කාමරේ සිවිලිම උඩක හයි කරපු සීත කාලෙ නිසා පාවිච්චි නොකරපු විදුලි පංකාව දිහා බලාගෙන ඉන්න ජන්කුක් උද්‍යානෙ අනතුරට කලින් අන්තිමට සිතුවම් කරපු චිත්‍රය මතක් කරගන්න උත්සාහයක හිටියා.පංකාවට පහලින් තිබුණ සුවපහසු නිඳන ඇදේ දිගාවෙලා හිටපු ජන්කුක් විනාඩි කීපෙක ඉඳන් හිටියෙ නැවතුන පංකාවෙ සුදු පාට පෙති දිහා බලාගෙන.කොල්ලගෙ තද දුඹුරු පාට ඇස් ඇතුලෙ ගෙවුනු දවස් කීපය පුරාම තිබුණ නිදිමත අතුරුදහන් වෙලා ගිහින් දැන්.ඒ ඇස් වල කලින් තිබුණ මලානික පෙනුම,අඳුරු පාට,වේලුන ගතිය පේන්න නෑ.

ඇඳේ කොට්ටෙට ඔලුව තදකරගත්තු ජන්කුක් ගත්තු හුස්මක් කොල්ලගෙම කන් වලට බොහොම පැහැදිලිව ඇහෙන තරමට වටපිටාව නිශ්ශබ්ද වෙලා ගිහින්.දවස් කීපයක් එකම තැන එකම විදිහකට හිටපු නිසාමදෝ කොහෙද රෑට අනිත් අයට දැනෙන නිදිමත ජන්කුක්ගෙ හිතට ගතට දැනුනෙ නෑ.වෙනදට උසස් පාසලේ වැඩ වලදි මහන්සි වෙලා ගෙදර දුවගෙන ඇවිදින් රෑ යාමෙ ආපු මොහොතෙම උණුසුම පිරුණ නිදන ඇඳේ පොරෝනාව හොයාගෙන ගියපු ජන්කුක්ට ගෙදර නිදන කාමරයත්,රෝහල් කාමරයත් ගැන ගෙවෙන මොහොතෙ දැනුනෙ එකම හිරවුන සිතුවිල්ලක්.

හිර නැති ඇඟට පහසු රෙදි වලින් මහපු කලිසමකුත් ,සිනිදු රෙදි වලින් මහපු රතු පාටට හුරු අත් දිග කමිසයකුත් ඇඳගත්තු ජන්කුක්ට උවමනා වුනේ හිම සීතල රෙදි අතරෙන් ඇඟට දැනුනත් ඉන කොටසෙ තිබුණ තුවාලය හිර කමිසයක් ,කලිසමක් ඇඳගෙන තවත් රිදීමකින් පුරවගන්න නෙවෙයි.සීතල වුනත් පහසු ඇඳුමක සුවඳ ජන්කුක්ගෙ නහය නිතරම ඉව කෙරුවා.කොට්ටෙට ඔලුව තියාගෙන කමිසෙට යටින් ඉන කොටසට එකකට එකක් උඩින් ඔතපු සුදු පාට බැන්ඩේජ් වලට උඩින් අතක් තියාගෙන හිටපු ජන්කුක්ට උවමනා වුනේ වෙනද වගේ වටපිටාවෙ කොහෙහරි නිදහස් තැනකට දුවගෙන ගිහින් පාර දිගේ උසස් පාසල මාවත වෙනකං ඇවිදින්න.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now