38 - Just Wanna Do That | භීතියේ රැයට පෙර

42 11 0
                                    

' The kiss that
never
happened '
________________________________________

                            ජන්කුක්ගෙ හදිසි කේන්තියෙන් පස්සෙ කොල්ලා ගස් අතරෙන් නොපෙනී යන විදිහ බලාගෙන හිටපු මායා පුදුමෙන් ඇසුත් ලොකු කරගෙන ශාලාව ඇතු⁣ලට ගියා අනිත් ළමයි දිහා බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                  
          ජන්කුක්ගෙ හදිසි කේන්තියෙන් පස්සෙ කොල්ලා ගස් අතරෙන් නොපෙනී යන විදිහ බලාගෙන හිටපු මායා පුදුමෙන් ඇසුත් ලොකු කරගෙන ශාලාව ඇතු⁣ලට ගියා අනිත් ළමයි දිහා බලාගෙන.වහින පොද වැස්ස අතරෙන්ම ජන්කුක්ගෙ කේන්තියට හේතුව කණ්ඩායමේ අනිත් අයගෙ කටින් මායාට දැනගන්න ලැබුනෙ ඉන්පස්සෙයි.තමන් කෙරුවෙ විහිලුවක් වුනත් කොහොමවත්ම ඒක වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ ළමයින්ට විහිලුවක් විදිහට නොපෙනුන බව කෙල්ලට තේරුනේ ඉන්පස්සෙයි.මායාගෙ අතින් සිද්ද වුනේ අත්වැරැද්දක් බව තේරෙනකොට උසස් පාසලේ ළමයින්ගෙ හිත් නරක් වෙලා ඉවරයි.

ප්ලාස්ටික් වෙස්මුහුණ මායාට සාමාන්‍ය දෙයක් වුනත් වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ පැරණි සිද්දිත් එක්ක බැඳුන වෙස්මුහුණ කියන පුංචි අභිරහස් වස්තුව ශාලාවෙ හිටපු අනිත් අයට ගෙනත් දුන්නෙ නීරස මතකයක්.හැනා වෙස්ටර් අතුරුදහන් වෙලා අවුරුදු කීපයක් ගෙවිලා තිබුණත් තවමත් මූණට තියාගත්තු කලු පාට ක්‍රිස්ටල් අල්ලපු වෙස්මුහුණෙ මතකය ඒ කාටත් හිතින් අයින් කරන එක පහසු දෙයක් නෙවෙයි.වෙස්මුහුණක් දාගත්තු මායා විහිලුවක් කරන්න හිතාගෙන ශාලාවට ආපු එක ගැන කව්රුත් බලාපොරොත්තු වුනෙත් නෑ.

හැනා වෙස්ටර්ගෙ පිලිස්සීමට ජන්කුක් ප්‍රධාන වැරදිකාරයෙක් වුන නිසත්,හැනාට වෙස්මුහුණක් පලදින්න අදහසක් ගෙනාවෙ කොල්ලා නිසත්,වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ පැරණි සිද්දියෙ මුල් කොටස්කාරයෙක් වුන නිසත් මායා ග්‍රේස්ගෙ විහිලුව ජන්කුක්ට ගෙනත් දෙන්න අැත්තෙ බලාපොරොත්තු නොවුන පුදුමයක්.ඊටත් වැඩිපුර ජන්කුක්ගෙ හිත බයවෙලා ගැස්සෙන්න ඇති.හේතුව මූණට වෙස්මුහුණක් තියාගත්තු කෙල්ලක් ශාලාවෙ දොර ගාවින් ඇතුලට එබුන එක.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now