07 - It's Not An Art | මගඇරුන

102 26 12
                                    

' I think I missed someone who deserves my attention '
_________________________________________


' I think I missed someone who deserves my attention '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ඕහ්!සමාවෙන්න.එයාව අපි ඩිස්චාජ් කරේ මීට සතියකට කලින්.එයාගෙ පවුලෙ විස්තර මොකක්වත් ඇත්තෙත් නැහැ.අනික හොද වුනාට පස්සෙ පේෂන්ට්ලා ගිහින් නවතින්නෙ කොහෙද කියලා මේවගෙ ලියා ගන්නෙ නැහැනෙ මිස්ටර්!ඔයා හොස්පිටල් බිල ගෙව්වා කියන එක නිදහසට කාරණයක් කරගන්න එපා.පේශන්ට් ඔයාගෙත් කව්රුත් නෙවේනං ඒ මනුස්සයා එයාගෙ පවුලෙ කව්රුහරි එක්ක යන්න ඇති.පුදුම කරදරයක්නෙ මේක "

ෆින්ලේ මැකෙන්සිව මාසෙකට විතර කලින් ඇතුලත් කරපු පෞද්ගලික රෝහලේ හදිසි අනතුරු වෙලා ගේන අයගෙ තොරතුරු එකතු කරන්න භාරව හිටපු සේවකයා පාක් මහත්තයට දොස් තියලා දැන් පැයකටත් වැඩියි.පැයකට කලින් හොස්පිටල් එක ඉස්සරහට වාහනේ අරගෙන ආපු පාක් මහත්තයි,ජිමිනුයි,තේහ්‍යුංනුයි තුන්දෙනාම ඇතුලට ඇවිදින් ⁣ෆින්ලේව නවත්තලා තිබුණ රෝහල් කාමරේ හොයාගෙන ගියත් තුන්දෙනාටම දැකගන්න ලැබුනෙ ඒ ඇඳ වෙනත් රෝගියෙක්ගෙන් පිරිලා ෆින්ලේගෙන් හිස්වෙලා තිබුණ හැටි.

දැකගන්න උවමනා වුන ෆින්ලේ මැකෙන්සිගෙ හරියට මතකත් නැති එකපාරක් දැකපු අපැහැදිලි මූණ එතන නැවතිලා හිටියෙ නෑ.ඒ හේතුව නිසා එතන විස්තර භාරව හිටපු සේවකයගෙන් ඒ ගැන තොරතුරු ඇහුවම මුලින්ම පොත් පිටු පෙරලපු පිරිමි කෙනාගෙ උත්තරේ වුනේ ෆින්ලේ මැකෙන්සි කියන හදිසි අනතුරක් වෙලා ගෙනාපු අඩු වයසෙ ගැහැණු ළමයා රෝහලෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා යන්නත් ගිහින් බවයි.

ඒ ගැන තවත් හොද⁣ට බලන්න කියලා සේවකයට කරදර කරන්නත් පාක් මහත්තයට සිද්ද වුනා.ෆින්ලේගෙ රෝහලේ මුදල ගෙවුනෙ පාක් මහත්තයා අතින් බවත්,රෝගියා තමන්ගෙ කව්රුත් නොවුනට වෙනත් රෝහල් කාමරේකට හරි මාරු කරලනං ඒ ගැන බලන්න කියන එකත් පාක් මහත්තයට කියන්න උවමනා වුනා.පාක් මහත්තයටත් වඩා ඒ ගැන අලුත් උනන්දුවක් ඇතිවෙලා තිබුණෙ පිරිමි ළමයි දෙන්නටයි.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now