16 - Towards The River | වැට පසුකර

43 17 1
                                    

' The story to be told today is not over. It has not even begun '
____________________________________


ආපු සීතල හුලඟක පාවීගන එන හිම කැට දෙක තුනක් ජිමින්ගෙ සුදුමැලි වුන කම්මුලක රැඳුනෙ හිම පියල්ලෙ ස්පර්ශෙ නිසා කොල්ලගෙ ඇඟිලි තුඩු මූණට යැවෙනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආපු සීතල හුලඟක පාවීගන එන හිම කැට දෙක තුනක් ජිමින්ගෙ සුදුමැලි වුන කම්මුලක රැඳුනෙ හිම පියල්ලෙ ස්පර්ශෙ නිසා කොල්ලගෙ ඇඟිලි තුඩු මූණට යැවෙනකොට.කාටර් වොරන්ගෙ මරණෙට හේතු වුන ලුණුදිය කිඹුලගෙ කතන්දරය නම්ජුන්ගෙ කටින් එකින් එක බොහොම පිළිවෙළකට පිට වුනත් ජිමින් බලාගෙන හිටියා තොල් දෙකත් බාගෙට ඇරගෙන.අර කියන කේවර සත්වයා ඇරෙන්න එදා මහ රෑ කාටර් වේදනා විඳලා මැරුණ දවසක තවත් කව්ද එතන හිටියෙ කියන්න.තුවක්කුවත් අතට අරගෙන කෙනෙක්ගෙ නලලට වෙඩි තියලා හැංගෙන එක කම්මැලි බව හිතපු කව්දෝ එදා වැම්ෂෙඩ්හයර් උද්‍යානෙ ඉන්න ඇති.

වැම්ෂෙඩ්හයර් උද්‍යානෙ ලේ වැගිරුන බිමක් කරගෙන වටපිටාවෙ වැවුන ගස් කොලන් ප්‍රේක්ශකයො කරගෙන,සිද්ද වෙන්න යන මිනීමැරුම රංගනයක් කරගෙන,ඒ හැම දෙයක්ම රඟදක්වන වේදිකාව⁣ වැට ළඟ උස රූස්ස ගහට ලියාගෙන මිනීමැරුම රසවත් විදිහට හිමිහින් කරන්න හිතපු මනුස්සයා කොහොම කෙනෙක් වෙන්න ඇතිද කියලා ජිමින් වගේම පැරිසුත් කල්පනා කරා.ජිමින් නැතුව තේහ්‍යුං කණ්ඩායමේ මැද හිටියනං ඉව අල්ලන පුහුණු කරපු සුනඛයෙක් වගේ කොල්ලා හිම ගොඩේ බඩගාගෙන හැමතැනකම ඇවිදියි.නම්ජුන්ගෙන්,අනික් සාමාජිකයින්ගෙන් ඒ ගැන හාරගෙන අවුස්සලා ප්‍රශ්න කරයි නොඉවසිල්ලෙන් සම්පූර්ණ විස්තරේම දැනගන්න.

" කිඹුලෙකුට බ⁣යවෙලා ගහකට නැග නැග ඉන්න කාටර් වොරන් කාලෙ නාස්ති කරන එකක් නෑනෙ.මොකද මිනිහට දුවගන්න,හැංගෙන්න අවස්ථාවක් හොයාගන්න පහසුකමක් තිබුණා උද්‍යානෙ අස්සෙ.මොකද කාටර්ව කව්රුහරි මැරුවනං මරපු මිනීමරුවා ඒකට යොදාගත්තෙ මිනිහට රසවත් කියලා හිතාගත්තු ක්‍රමයක්.කිඹුලෙක් කාටර්ව ගිලිනකං ඌ පැත්තකට වෙලා බලාගෙන ඉන්න ඇති "

Just One Day - Book 01 || JJK Where stories live. Discover now