01 - Jeon Jungkook | හිතුවක්කාර

372 47 69
                                    

' Ready to go Somewhere. 
A long journey with seven boys
This is just the beginning '
_______________________________________

 A long journey with seven boysThis is just the beginning '_______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිම..

මාස,දවස්,විනාඩි,තත්පර ගණන් ගෙවිලා ගිහින් අවුරුද්දෙ එක කාලෙකට විතරක් වැටෙන්න ගන්න හිම..

ගස් කොල අස්සෙන් එකඑක පාටින් පිපුණ මල් අතු සුදුම සුදු පාටට වැහිලා ඒ අතු බරවෙන්න තරමටම වැටුන හිම..

පායන කාලෙට ඇඟ රත්වෙන්න වැටෙන ඉර අව්ව එහෙම පිටින්ම නැති කරලා දාලා ඇඟ වෙව්ලන තරමට සීතලට හිටින්න හැමතැනම වැටුන හිම..

කලු පාටින් කාපට් අතුරපු පාර පුරා අද සිසිර සෘතුවෙ පාටින් වැහෙන්නම පිරුණ හිම..

ගෙවල් වල උසට ,පහතට හැදුව හැම වහලෙකම ඊයෙ රෑ යාමෙ කඩාවැඳුණු සීතල කුණාටුවට ගහගෙන ඇවිත් වැටුන හිම..

වෙනදට කොල පාටින් එලිය වුන පරිසරේ අද සුදු පිණි පලසක් එලුවා වගේ පේන්න වැටුනු හිම..

හිම..ඔව්...සුදුම සුදු පාටින් බලන බලන අත හැමතැනකම වැටුනු සීතල හිම කැට..

දවස් ගෙවිලා ආපු එක මාසෙකදි සෘතු වෙනස් වුන නිසා ලෝකෙ එක කොනක පිහිටපු නගරයක් අද අන්න ඒ කියපු සුදු හිම පියලි වලින් වැහිලා ගිහිල්ලා.මුලු නගරෙම අද වෙනස් වෙලා.නගරෙම හරි නිශ්ශබ්ද වෙලා.ඉරේ රැස් තියන වස්සාන කාලෙට හරිහරියට කලබල වුන නගරෙ අද සීතලෙන් වැහුනු නිස්කලංක හරි අපූරු සුදුම සුදු මිටියාවතක් වෙලා.සිසිරෙදි හිම පියලි වලින් වැලලුන මිටියාවතක් වෙලා.මිටියාවතේ පදිංචිකාරයො අද ගෙවල් වලට කොටු වෙලා.හිම පිරුණ භූමියෙ ගෙවල් තිබුණ තැන් වලම හිම සීතලේ ගල් වෙලා ගිහින්.සීතලෙන් පිරුණ මේ මුලු නගරෙම උණුසුමක් රැඳිලා තිබුණෙ කොයි මුල්ලෙද කියලා හොයන්න කව්ද නගරෙට පය තියන්නෙ?

Just One Day - Book 01 || JJK Where stories live. Discover now