31 - Something Red | අමුතු රහස් පරීක්ෂකයෙක්!

50 12 4
                                    

' I might hate myself tomorrow, But i on my way tonight '
_________________________________________

' I might hate myself tomorrow, But i on my way tonight '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ග්‍රේස් මහත්තයගෙ රෝස මල්?රෝස මල් වල කොහෙන්ද ලිලී මල් සුවඳක් එන්නෙ? "

නම්ජුන්ගෙ කටින් ප්‍රශ්නයක් පිටවුනත් ජන්කුක්ගෙ මතකෙක රැඳුනෙ වැම්ෂෙඩ්හයර් උද්‍යානෙ පුරාවටම අවුරුදු කීපෙකට කලින් වැවිලා තිබුණ සුදු කැල ලිලී මල් යාය ගැන චායාරූපයක්.සුදු ලිලී මල් වල කහ පාට රේණු වලින් විහිදුන ලා සුවඳ ජන්කුක්ගෙ නහයට ගෙවෙන ⁣මොහොතෙ දැනුනා ලිලී මලක් ලඟක නොතිබුණත්.

හොඳින් පුරුදු ඒත් කාලෙත් එක්ක අමතක වුන සුවඳක් ඒක.තදින් නහයට නොදැනුනත් කැල ලිලී මලක කහ පාට රේණු වල තිබුණ චාම් සුවඳ ජන්කුක්ට අමතක වෙන්නෙ කොහොමද?⁣දවස් කීපෙකට කලින් ගෙදර දොර ඉස්සරහ තිබුණ රෝස මල් පොකුරෙන් නහයට ඇතුලු වුනේ ඒ සුවඳ බව ජන්කුක්ට ස්ථිරවම කියන්න පුලුවන්කමත් ඇවිදින් තිබුණා.

ඒත් අතේ ගුලි වුන අලුත් කොල කෑල්ලෙ තිබුණ වචන වල තේරුම හොයන එක රෝස මල් පොකුරෙන් හමාපු සුවඳ අඳුනගන්න එකට වඩා අපහසු බව ජන්කුක්ට දැනුනෙ ගෙවීගන යන මොහොතෙයි.මිත්‍රයො දෙන්නා ඉදිරිපිටදි උවමනාවට වඩා වචන කටින් එලියට ආපු බව තේරුන ජන්කුක් කොල කෑල්ල කලිසම් සාක්කුවට දාගත්තෙ උද්‍යානෙන් එලියට යමු කියාගෙන.

ඒ ගැන නම්ජුන්,යුන්ගි තවත් මොකුත් ඇහුවත් ⁣ප්‍රශ්න මගඇරෙන විදිහෙ පිළිතුරු දුන්න ජන්කුක් තරමකට පෑරුණ බව දැනගත්තු තුවාලයට අලුතින් බැන්ඩේජ් කොටස් තියාගන්න උවමනා බව කියපු නිසා හදිසි ප්‍රතිකාර අංශෙට ඇතුල් වෙලා විනාඩි කීපයක් ගෙවන්නත් ඇති.හවස් වෙන යාමෙදි උසස් පාසලේ ගේට්ටුවෙන් නගරෙ මැද ⁣කලබලය පේන පාර අයිනකට ආපු පිරිමි ළමයි තුන්දෙනා ඉස්සරහට ඇවිදගන ගියා කතාබහක යෙදෙන අතරෙම.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now