48 - Withered Rose | රහස් කියන රෝස

52 7 13
                                    

' Jungkook is a one-of-a-kind diary where every secret is hidden '
_________________________________________

' Jungkook is a one-of-a-kind diary where every secret is hidden '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" පරක්කු වෙන්න එපා.මං කොලේජ් එකේ ගේට් එක ලඟට එනකොට ඇවිත් ඉන්න.මං වෙලාවට එනවා එතනට "

මේසෙ උඩ තැන තැන තිබුණ පොත් කලබලයෙන් බෑග් එකට දාගන්න ගමන් ඉන්න යුන්ගි පංති කාමරයෙ කොනක වැඩක් කරන ගමන් ඉන්න නම්ජුන්ට කෑගහන්නෙ හදිසියෙන්.විනාඩි කීපෙකට උසස් පාසල ලඟ තිබුණ තමන්ගෙ ගෙදරට ගිහින් එන්න ඕමනා වුන යුන්ගි ලැහැස්ති වෙන්නෙ උසස් පාසලේ වැඩිමල් වයසෙ ළමයි එක්ක චාරිකාවට සහභාගි වෙන්න.චාරිකාව යන්න ලැහැස්ති කරගත්තු අමතර බෑග් එක කාමරයෙ අමතක වෙලා ආපු වැරැද්ද නිසා කොල්ලට ගෙදරට දුවන්න වෙලා.

" හරි.සභාපතිතුමා තවම ළමයින්ව එකතු කරගෙන නෑ.බස් එක යන්න කලින් කොලේජ් එකට එනවා.නැත්තං උඹව දාලා බස් එක යයි ගිය අවුරුද්දෙ ට්‍රිප් එකේදි වගේ "

ඩෙස්ක් එකට කකුලක් තියාගෙන,කටෙත් ටූත් පික් එකක් ගහගෙන,ඔලුවට ගැහැණු ළමයි දාන වර්ගෙ තොප්පියක් විහිලුවටත් එක්ක දාගෙන ඉන්න හෝසොක් ලඟ තිබුණ මාකර් පෙන් එකකින් යුන්ගිගෙ පිට පැත්තට ගැහුවා ඇහැක් ගහන අතරෙ.⁣නිතරම සතුටින් ඉන්න කැමති හෝසොක් දැනටමත් හිත ඇතුලින් චාරිකාව යන ගමන්.උසස් පාසලේ චාරිකාව ගැන තිබුණ සාකච්චාව අවසන් වෙලා දැන් සතියක කාලයක් ගත වෙලා.

අවසන් අවුරුද්දෙ ළමයින්ගෙ විනෝද චාරිකාව යන දවස ආවම හැමෝම හිටියෙ සතුටින් වගේම චාරිකාවෙ ගමනාන්තෙට යන කලබලයෙන්.නොඉවසිල්ලෙන්.උසස් පාසලේ බස් කීපෙකින් චාරිකාව පටන් ගත්තත් හැමෝගෙම කැමැත්ත අනුව ගමනෙ ඉතුරු කොටස දුම්රියකින් යන්න තීරණය කරලා තිබුණා.ඒ නිසා දහවල වෙනකොට බුසාන් වලින් පිටත් වෙන්න වෙලාව යෙදිලා තිබුණෙ.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now