17 - Her | උද්‍යානයේ යුවතිය

71 15 0
                                    

' No one knows exactly who she is. She doesn't even know
where she came from '
________________________________________

ඇනිස් විල්සන්ගෙ උද්‍යානෙ ගැන ලියවුන වාක්‍ය පේළියෙන් පස්සෙ නම්ජුන් ඇවිදින් ජන්කුක්ගෙ අතේ තිබුණ ලිලී මල අවසරයක් නැතුවම අරගෙන ඒක ජිමින් හිටපු ගඟ මැද කොටසට විසි කරා කොල්ලට ඒක අහුලගන්න කියන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇනිස් විල්සන්ගෙ උද්‍යානෙ ගැන ලියවුන වාක්‍ය පේළියෙන් පස්සෙ නම්ජුන් ඇවිදින් ජන්කුක්ගෙ අතේ තිබුණ ලිලී මල අවසරයක් නැතුවම අරගෙන ඒක ජිමින් හිටපු ගඟ මැද කොටසට විසි කරා කොල්ලට ඒක අහුලගන්න කියන ගමන්.මිදුන අයිස් තට්ටුව උඩ වැටුන ලිලී මල අහුලලා අතට ගත්තු ජිමින් හඳ එලියෙන් ඒක දිහා බලාගෙන හිටියෙ හරියටම ඒ මොන මල් වර්ගයක්ද කියලා නොදැන.මල් පෙත්ත මැද තිබුණ කහ පාට රේණු පිරුණ කොටස නහයට තිබ්බත් නහය කඩාගෙන ඇතුලට යන ලොකු සුවඳක් ජිමින්ට දැනුනෙ නෑ.

" ඔය තියෙන්නේ ලිලී මලක්.වයිට් කැල ලිලී.ලිලී මල් වර්ග ගොඩක් තිබුණට උඹ අහලා ඇතිනෙ තනි පෙත්තෙන් හැදෙන සුදු ලිලී මල් ගැන? සමහර ලිලී වර්ග තියනවා පෙති වෙන් වෙන්ව ගොඩක් තියන.ඒත් මේකෙ තියෙන්නේ ඔය වගේ රවුමට නැවුන තනි පෙත්තක්.මැද කහ පාට කොටසත් එක්ක.ඔය තියෙන්නේ ඒ වර්ගෙ මලක් ජිමින්.එකපාරින්ම බැලුවමනං ඔය මලේ මහ ලොකු විශේශත්වයක් නෑ වගේ පෙනෙයි උඹට.ඒත් ඔය ලිලී මල අස්සෙ ලොකු කතාවක් තියනවා මේ උද්‍යානෙත් එක්ක බැඳුන.ඒක හොද ලස්සන කතාවක් වෙන්න තිබුණා මිනිස්සු හොද වුනානං.ගොඩ කාලෙකට කලින් වැම්ෂෙඩ්හයර් උද්‍යානෙ කියන්නෙ මෙහෙම නිකම්ම නිකං ගස් පිරුණ කැලයක් නෙවෙයි "

අවුරුදු ගානකට කලින් වැම්ෂෙඩ්හයර් උද්‍යානෙ මතකයක් නම්ජුන්ගෙ හිතේ මැවුනෙ කොල්ලා පුංචි වයසෙදි පටන්ම කොලේජ් ආපු මතකෙක ගිලෙද්දි.ලොකු රූස්ස ගස් නැතිවුන,කැලෑ පඳුරු අතුරුදහන් වුන,යොංසං ගඟක් නැති,බයක් නැතුව උද්‍යාන භූමියෙ හැමතැනකම ඇවිදන්න පුලුවන්කම තිබුණ බිම් කඩක් ගැන නම්ජුන් ජිමින්ට මතක් කරලා දුන්නා.ඒ මොකුත්ම නැති පැහැදිලිව රෑකට උනත් බලාගන්න පුලුවන් වුන උද්‍යානෙ පුරාම වැවිලා තිබුණ එකම එක වර්ගෙක,එකම එක පාටක මල් වර්ගයක් නම්ජුන්ගෙ ව⁣ගේම හෝසොක්ගෙ,යුන්ගිගෙ,ජන්කුක්ගෙ හිතේ මැවුනා හරි ඉක්මනින්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now