49 - Love Is Not Over | මිසිස් ජොන්

53 10 24
                                    

' Inside he's crying - Outside I'm Smiling - He think I'm lying - But he really doesn't know that both sides of me are slowly dying! '
_________________________________________

මොනාහරි කියන්න ඕන වුනත් කියන්න මොකුත්ම නැතුව ගිය යුන්ගි විනාඩි කීපයක් නිශ්ශබ්දව ලොකු වුන ඇස් වලින් හේසල් ඩැනියෙල් දිහත්,චෝයි සොංහා දිහත් බලාගෙන හිටියෙ අත් දෙකම තදින් මිටමොලවගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොනාහරි කියන්න ඕන වුනත් කියන්න මොකුත්ම නැතුව ගිය යුන්ගි විනාඩි කීපයක් නිශ්ශබ්දව ලොකු වුන ඇස් වලින් හේසල් ඩැනියෙල් දිහත්,චෝයි සොංහා දිහත් බලාගෙන හිටියෙ අත් දෙකම තදින් මිටමොලවගන්න ගමන්.හේසල්ගෙ හැසිරීමට හේතුවක් ඇති බව තත්පරෙන් දැනුනත් ඊලඟට කොල්ලට මතක් වුනේ හදිසියෙ තව එකෙක්ව අතරමං කරන්න මිනිස්සුන්ට තිබුණ පුලුවන්කම ගැන ඉඟියක්.හේසල්ගෙ මූණෙ මෙවෙලෙ යුන්ගිට දැකගන්න ලැබුනෙත් කේන්තියක්.

වෙනදා දෙන්නා අතරෙදි බහින්බස් වීමක් වුනොත් ඇස් වලට කඳුලු පිරෙන හේසල් අද සම්පූර්ණයෙන් වෙනස් වෙලා.හිතට හදිසි⁣යෙ දැනුන තරහක් නිසා මිටමොලවගත්තු අතක් දිග ඇරපු යුන්ගි හේසල්ගෙන් හේතු නොඅහම ලඟ හිටපු කෙල්ලගෙ කම්මුලකට තදින් පාරක් ගහන්න අත ගත්තත් මගදි නවත්තගත්තා.හේතුව එක කම්මුල් පාරකින් යුන්ගිට පිළිතුරු මොකුත් නොලැබෙන නිසා.තවත් එතන ඉන්න උවමනාවක් නොතිබුණ හේසල් වාහනයෙ දොර ඇරලා පිටිපස්සෙ කොටසට නැගගද්දි යුන්ගිව පිටිපස්සට තල්ලු කරපු සොංහත් රියදුරු අසුනට නැගගෙන දොරවල් වහලා දැම්මෙ වාහනේ පන ගන්වගන්න ගමන්.

 " Are you fucking kidding me?!Daniel?  "

කලු වීදුරු වලින් නිමවපු නිසා ඇතුලට නැගපු හේසල්ව නොපෙනුනත් කාර් එකේ දොරකට අත් දෙක මිටමොලවලා පාරවල් කීපයක් ගහපු යුන්ගිගෙ කටින් පිටවුන කෑගැහිල්ලක් උසස් පාසලේ තාප්පෙ අයිනෙ පුරාම පැතිරෙන්න ඇති වේගෙන්.එතනින් නැවතුනේ නැති කොල්ලා වාහනේ අයිනකට කකුලෙන් තදින් පයින් පාරක් ගැහුවෙත් ඒක ⁣රිදෙන්නෙ තමන්ටම බව දැනගෙන.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now