04 - Lost Girl | වංචාකාරයෝ

109 31 11
                                    

' Woman is the most beautiful thing in the world.Very few people know its value. Most people only struggle to own it '
_______________________________________

 Most people only struggle to own it '_______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• වසරකට පෙර •




මාස ගානක් යනකං හුලඟක් වදින්න ඇරලා නොදාපු,ඉර එලියක් වැටෙන්න නොදී වහලා දාපු,කොහෙහරි වහලෙ බිඳුන තැනකින් වැහි කාලෙට සැරින් සැරේ වැටුන වතුර බිංදු නිසා තැනින් තැන පල් වෙලා උල්දිය දාපු බිත්ති පිරුණ,දූවිලි පිරුණ පරණ කාමරේකින් ආපු නහයට දැනුන පල් ගඳ ඒ කාමරේම මුල්ලක වකුටු වෙලා හිටපු කාමරේට ආගන්තුක වුන හිරකාරයට දැනෙන්න අරගෙන දැන් විනාඩි කීපයක් ගිහිනුත් ඉවරයි.

සීතලට පෙඟුන කුණු රැඳුන,පොතු ගැලවුන පරණ ටයිල් පොලවකින් මතුවුන කොන්ක්‍රීට් කැට වලට වෙව්ලන අතක ඇඟිලි වැදුනමයි අන්ධකාරෙ කාමරේ හැංගුන ගැහැණු ළමයට තමන් තාමත් ජීවත් වෙලා ඉන්න බව දැනෙන්න ගත්තෙ.හරිහමන් සිහියක් නැතුව සීතල ටයිල් පොලවෙ අයිනක අත් කකුල් වලට මොකුත් නොදැනී,නැගිටගන්න බැරුව වැටිලා හිටපු කෙල්⁣ලගෙ එකට ඇලුන ඇස් දෙක බාගෙට ඇරුණෙ කොන්ක්‍රීට් තීරුවට අත සීරෙද්දියි.

වැටුන තැනම ඒ විදිහටම හිටපු කෙල්ලත් තමන්ට තමන්ගෙම අත් කකුල්වත් නොපෙනෙන කලුවරේ ඇස් ඇරගෙන හිටියෙ හිසකේ තෙත් වෙලා හම උඩ ගලාගෙන ආපු දාඩිය බිංදු කන් වලට පහලින් ගලාගෙන යන හැටි තේරෙද්දි.ඇරගත්තු ඇස් දෙක ආයෙ ආයෙමත් අවසරයක් නැතුවම පියවෙන්න ගියත් කෙල්ලට උවමනා වුනා ඒ ඇස් අපහසුවෙන් උනත්,මොකුත්ම නොපෙනුනත් ඇරගෙන ඉන්න.දිගක් පලලක් නොපෙනෙන කලුවර මඩ ගොහොරක් මැද එහෙ මෙහෙ දුවන කාගෙදෝ කෙඳිරිල්ලක්,රහස් මිමිණිල්ලක් කෙල්ලට ඇහෙන්න ගත්තා ගෙවෙන ඊලඟ තත්පරේදි.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now