44 - Little Incident | කෙටි පණිවිඩ

61 10 4
                                    

' He's sexy, when he likes to flirt. He's angry, when he is a jerk '
_________________________________________

 He's angry, when he is a jerk '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හතරවන වීථිය- 56/
බ්‍රැඩ්ලීස් සුපර් මාර්කට් | OPEN

නිවාඩු දවසක් නිසා මංතීරු දෙකේ මහා මාර්ගය තරමකට හිස්වෙලා තිබුණ හැන්දෑවක මායා ග්‍රේස් හිටගෙන හිටියෙ නවීන පන්නයේ වෙලඳසැලක උසට හදපු වීදුරු වැස්ම ඉස්සරහා.පුරුදු හිර කලිසමටත්,අත් දිග කමිසයටත් ටික දවසකට සමුදීලා තිබුණ කෙල්ල දණහිස ගාවට රැලි වැටුනු මෙරුන් පාට කොට ගවුමක් ඇඳගෙන හිටියෙ වෙනසකටත් එක්කයි.මෙරුන් පාටටම හුරු ලේස් නැති සපත්තු දෙකක් දාගෙන හිටපු මායා අතට විතරක් පුංචි බ්‍රේස්ලට් එකක් දාගෙන හිටියා.හෑන්ඩ් බෑග් එකක් වෙනුවට උසස් පාසලට ගෙනියන කලු පාට පොත් බෑග් එක උරහිසේ එක පැත්තක එල්ලගෙන හිටපු කෙල්ල සෙනඟ සාමාන්‍ය තරමක් හිටපු සුපර් මාකට් එක ඇතුලට ඇවිද්දා හිමිහින්.

බඩු පුරවපු කොටස් කීපයක්ම පහුකරගෙන ගිය මායා බඩු දාන්න උවමනා වුන කූඩෙකුත් තල්ලු කරගෙන ගිහින් නැවතුනේ ස්නැක් වර්ගත්,කෑම වර්ගත් තිබුණ කොටසක.ස්කූල් බෑග් එක කූඩෙන්ම තියපු කෙල්ල මොබයිල් එක අරගෙන කීපදෙනෙකුට උවමනා ස්නැක්ස් වර්ග අහලා ට්විටර් කෙටි පණිවිඩ තීරයෙන් පණිවිඩ කීපයක් යැව්වා ඒ ලඟම රාක්කෙ දිගට තිබුණ බැඳපු කෑම කීපෙක සුවඳ නහයට යවාගන්න අතරෙ.

හිස්ව තිබුණ රාක්කෙකට හේත්තු වෙලා ගෲප් චැට් එකේ සිද්ද වෙන කතාබහට ඇතුලත් වෙන එක කෙල්ලට පහසුවක් වුනා.හේතුව යාලුවො කීපදෙනා ඉන්න තැනට මොබයිල් එකෙන් ගියත් ආයෙත් එන්න වෙන්නෙ අමතර වෙලාවක් විනාස කරගෙන බව කෙල්ල දන්න නිසා.තමන්ගෙ සල්ලි වලින් යෙහෙලියො කීපදෙනාට උවමනා කෑම වර්ග අරන් දෙන්න උවමනා වුන කෙල්ල රාක්ක කීපෙක පොටෝ අරගෙන යවන්නත් අමතක කරේ නෑ.

Just One Day - Book 01 || JJK On viuen les histories. Descobreix ara